ඌව පරණගම ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උපසභාපති තෝරාපත් කර ගැනීමේ රැස්වීම, ඌව පළාත් පාලන කොමසාරිස් හේමන්ත දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් අද(11) පස්වරුවේ ඌව පරණගම ප්‍රාදේශීය සභාවේදී පැවැත්විණි.

ඌව පරණගම ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උපසභාපති තෝරාපත් කර ගැනීමේ රැස්වීම, ඌව පළාත් පාලන කොමසාරිස් හේමන්ත දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් අද(11) පස්වරුවේ ඌව පරණගම ප්‍රාදේශීය සභාවේදී පැවැත්විණි.
බණ්ඩාරවෙල මහ නගර සභාවේ නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපති තෝරා පත්කර ගැනීම සඳහා වූ පළමු රැස්වීම ඌව පළාත් පාලන කොමසාරිස් හේමන්තා දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් අද(11) පෙරවරුවේ බණ්ඩාරවල මහ නගර සභාවේදී පැවැත්විණි.
බෞද්ධ ප්රබෝධය ඇතිවන පරිදි සියලු ජන වර්ගයන්හි සහභාගිත්වයෙන් යුතුව නුවරඑළියේ පැවති රාජ්‍ය වෙසක් උත්සවයෙන් ජාතික සමගිය ලොවට පෙන්වීමට හැකි වූ බව නුවරඑළිය දිස්ත්‍රික් සාසනාරක්ෂක බල මණ්ඩලයේ හිටපු ලේඛකාධිකාරී, කඳපොළ ශ්‍රී ජිනේන්ද්රාරාමාධිපති, දඹගොල්ලේ සෝමානන්ද හිමි පැවසූහ.
සිංහල, දමිළ, මුස්ලිම් ඇතුළු සිය ජනවාර්ග එක්ව පැවැති ජාතික වෙසක් උත්සවයේ සාරධර්ම සහජීවන පෙරහැර පසුගියදා (13) දින නුවරඑළිය නගරයේ වීදි සංචාරය කිරීම සිදු විය.
ශ්‍රී ලංකා තේ කර්මාන්තයට දායකත්වය දක්වන සියළුම පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් පවත්වන වාර්ෂික නැවුම් තේ මංගල්‍ය අටවන වරටත් බදුල්ල මුතියංගන රජමහා විහාරස්ථානයේ දී ඊයේ(13) පැවැත් විණි.
2025 වර්ෂයේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව සිදුකරනු ලබන සියම් ලංකා ධර්ම යාත්‍රා වැඩ සටහනේ භික්ෂුන් වහන්සේලා පාද චාරිකාවෙන් නුවරඑළිය ට වැඩම කරවීම අද පෙරවරුවේ සිදු වුහ.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට වසර පනහක් (50) පිරීම නිමිත්තෙන් දිවයින පුරා පැල ලක්ෂයක් රෝපණය කිරීමට පියවර ගෙන ඇතැයි එම මණ්ඩලයේ සබරගමු පළාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි විකුම් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ය.
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මත කරන, පැරණි ජන ක්‍රිඩා නැවත ජනගත කිරීමේ වැඩසටහන් මාලාව යටතේ ක්‍රියාත්මක කෙරුණු ජන ක්‍රීඩා හඳුන්වාදීමේ වැඩසටහනක් පසුගියදා බූරුන්නාව ගම්පියසේදී පැවැත්විණි.
පසු ගියදා තායිලන්තයේ සහ මියන්මාරයේ ඇති වූ භූමි කම්පාවෙන් අපවත් වී වදාළ ගරුතර මහා සඟරුවණට සහ මියගිය දෙරටෙහි වැසියනට පිං අනුමෝදන් කිරීම සහ විපතට පත් දෙරට ජනතාවට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරමින් මතක වස්ත්‍ර පූජා කොට පැන් වඩා පුණ්‍යානුමෝදනා කිරීම සහ සෙත් පිරිත් සජ්ඣායනා කොට ආශිර්වාද කිරීමේ පිංකමක් පසුගිය දා අනුරාධපුර පූජා නගරයේ බුරුම පන්සලේ දී පැවැත්වීණි.
නුවරඑළිය මහ නගර සභාව වාර්ෂිකව සංවිධානය කරන, නුවරඑළිය වසන්ත සැණකෙළිය ඊයේ (01) පෙරවරුවේ ආරම්භ වූ අතර මෙවර වසන්ත සැණකෙළිය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට පියවර ගෙන ඇති බවනුවරඑළිය නාගරික කොමසාරිස් එච්.එම්. බණ්ඩාර මහතා පැවසීය.
නුවරඑළියේ පැවැත්වෙන ජාතික වෙසත් මහෝත්සවයට සමාගාමීව රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ(25) නුවරඑළිිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ආරම්භ විය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අම්පාර දිස්ත්‍රික් ප්‍රධානී සාලින්ද නවරත්න බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පානම නාවික හමුදා නිළධාරීන් සඳහා වු දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා (21දා) පානම මහනාග නාවික හමුදා කඳවුරේ දී පැවැත්විණි.
නිල්වලා ගඟ පවිත්‍ර කිරීමේ සේව් නිල්වලා“SAVE NILWALA“ ව්‍යාපෘතිය, මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) අකුරැස්ස ප්‍රදේශයෙන් ආරම්භ කෙරිණි.


රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.