මහනුවර ආලෝකමත් කරමු යන තේමාව යටතේ දියත් කළ මහනුවර රාත්‍රී වෙළඳපොළ හෙට(13) සිට නව මුහුණුවරකින් ක්‍රියාත්මක කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා පවසයි.

මහනුවර ආලෝකමත් කරමු යන තේමාව යටතේ දියත් කළ මහනුවර රාත්‍රී වෙළඳපොළ හෙට(13) සිට නව මුහුණුවරකින් ක්‍රියාත්මක කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා පවසයි.
ඇල්ල වැල්ලවාය මාර්ගයේ සිදුවු බස් රථ අනතුරින් මියගිය සියලු දෙනාට පිං අනුමෝදන් කිරීම හා තුවාල ලබා සිටින සියලු දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් සිදුකරන පිරිත් සජ්ඣායනාවක් ඊයේ (10) රාත්‍රියේ අනතුර සිදුවු ස්ථානය අසල පැවැත්වේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රට සංවර්ධනය කරලීමේ ක්‍රියාවලිය සඳහා චීන රජයේ සම්පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති Qizhenhog මහතා ප්‍රකාශ කළේය.
ජාතික ළමාරක්ෂක අධිකාරිය විසින් පාසල් දරුවන් දැනුවත් කිරිමේ වැඩ සටහනක් පසුගිය දා අනුරාධපුර ඩී.ඒස්. සේනානායක ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ 3,4 වසර වල අධ්‍යනය කටයුතු හදාරන දරුවන් පිරිසකට සිදුකරන ලදී.
" අනාරක්ෂිත දරුවන් ගැන තොරතුරු ලැබෙනකන් ඉන්න එපා. අවදානම් සහිත දරුවන්, කාන්තාවන් හා පවුල් පිළිබඳව සහ ඔවුන්ගේ ගැටලු පිළිබඳව කලින් හඳුනාගැනීමේ වැඩපිළිවෙළක් තිබීම වැදගත්" බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන වෘත්තිය පුහුණු අමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය අවධාරණය කරයි.
සබරගමුව පළාතේ පළාත් පාලන ආයතනවල සංවර්ධන කටයුතු සඳහා, මෙම වර්ෂයේ (2025) සඳහා රුපියල් මිලියන 853ක් රජය මගින් ලබාදී ඇතැයි, පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය පසුගියදා සඳහන් කළාය.
2023 සහ 2024 වර්ෂවල අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඉහලින්ම සමත් වූ සබරගමු පළාතේ ශිෂ්‍ය ශිෂාවන් ඇගයීමේ උත්සවය පසුගියදා (23) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්විණි.
කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සමගාමීව බොල්ගොඩ ජලාශයේ සංවර්ධන කටයුතු පිළිබඳව සහ කොළඹ දිස්ත්‍රික්කය තුළ කසළ කළමනාකරණය පිළිබඳව විශේෂ අනු කමිටු රැස්වීම අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන්, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි මහතාගේ සහ කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාගේ සහභාගීත්වයෙන් අගෝස්තු මස (23) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්රවවණාගාරයේදී පැවැත්විණි.
සංස්කෘතික කටයුතු දෙපාර්තමෙින්තුව වාර්ෂිකව සංවිධානය කරන "නිල් අහසේ වසන්තය සරුංගල් සැණකෙළියට " සමගාමීව පොළොන්නරුව දිස්ත්‍රික් ලේකමි කාර්යාලය , තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ,පොළාන්නරුව මහ නගර සභාව සහ ප්‍රාදේශීය සභාව එක්ව සංවිධානය කළ " පුලතිසි සරුංගල් සැණකෙළිය ඊයේ පස්වරුවේ පරාක්‍රම සමුදුරු වැවි බැම්මේ දී පැවැත්විණි.
වෙළෙඳපොළ ඉල්ලුම අනුව වගා කරන ඕනෑම වගාවක් සඳහා කෘෂි රක්ෂණ මණ්ඩලයෙන් රක්ෂණාවරණයක් ලබා දීමට පසුගියදා පැවැති ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී යොජනා වී තිබේ.
දීර්ඝ කාලයක සිට පානීය ජල අවශ්‍යතාවයෙන් පීඩා විදින ඉරණවිල ප්‍රදේශයේ පවුල් 150ක ජනතාව සදහා නව පානීය ජල ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා ගිවිසුම් ගත වීම පසුගියදා සිදුවිය.
වත්මන් රජයේ ව්‍යවසාය සංවර්ධන ප්‍රතිපත්තිය යටතේ ක්‍රියාත්මකවන කර්මාන්ත නගා සිටුවීමේ ජාතික වැඩපිළිවෙලට අනුව මාතලේ දිස්ත්‍රික් කර්මාන්ත හා ව්‍යවසායකත්ව ප්‍රවර්ධන සභාව පිහිටුවීම ඊයේ (21) පෙරවරුවේ සිදුකෙරුණි. ඒ මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ හා මාතලේ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න මදනායක යන මහත්වරුන්ගේ සම සභාපතිත්වයෙනි.
කොරියානු මිත්‍රත්ව පදනමේ මූල්‍ය පරිත්‍යාග මත කොබෝව ප්‍රාථමික විද්‍යාලයට සහ කොස්ගොල්ල විද්‍යාලයට ජල පිරිපහදු යන්ත්‍ර ප්‍රධානය කිරීමක් පසුගිය දින එම විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.


රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.