“මහනුවර නගරය ආලෝකමත් කරමු” Kandy Breeze Night Fest හෙට(13) සිට නව මුහුණුවරකින්

“මහනුවර නගරය ආලෝකමත් කරමු”  Kandy Breeze Night Fest  හෙට(13) සිට නව මුහුණුවරකින්
  • SocialShare:

මහනුවර ආලෝකමත් කරමු යන තේමාව යටතේ දියත් කළ මහනුවර රාත්‍රී වෙළඳපොළ හෙට(13) සිට නව මුහුණුවරකින් ක්‍රියාත්මක කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා පවසයි.

පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

මහනුවර නගරය වෙත දෙස් විදෙස් සංචාරකයින් ගෙන්වාගැනීම වෙනුවෙන්“මහනුවර නගරය ආලෝකමත් කරමු” - Kandy Breeze Night Fest   වැඩසටහන සංවිධානය කර තිබේ. කලාපීය ආර්ථික සංවර්ධන ආයතනය (REDA) , මහනුවර මහ නගර සභාව, කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, මහනුවර පොලීසිය, මගී ප්‍රවාහන සේවා අධිකාරිය , ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය  ඇතුලු ආයතන රැසක දායකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මෙහි නියමු වැඩසටහනක් පසුගිය  13, 20 සහ 27 යන තෙදින මහනුවර නගරය කෙන්ද්‍ර කරගනිමින් පැවැත් විණි. එම නියමු ව්‍යාපෘතියට අනුව ව්‍යාපාරික ස්ථාන පුළුල් කිරීම, රාත්‍රී වෙළඳ පොල පවත්වන වීදි, ආහාර ප්‍රමිතිය සහ ප්‍රවාහන පහසුකම් ආදිය තව දුරටත් සමාචෝලනය කරමින් හෙට(13) සිට අඛණ්ඩව රාත්‍රී වෙළඳපොළ පවත්වන බව ආණ්ඩුකාරවරයා පැවසීය.  හෙට සිට සෑම සෙනසුරාදා දිනකම රාත්රී 07.00 සිට රාත්රී 12.00 දක්වා මෙම රාත්රී වෙළදපොල මහනුවර දළඳා වීදිය සහ කොටුගොඩැල්ල වීදිය ආවරණය වන පරිදි මහනුවර නගරයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත.