ජනාධිපති මන්දිරවල පිටස්තර පුද්ගලයන් නවාතැන් ගෙන ඇති බවට මාධ්‍යවල පළව ඇති පුවත සම්බන්ධව

ජනාධිපති මන්දිරවල පිටස්තර පුද්ගලයන් නවාතැන් ගෙන ඇති බවට මාධ්‍යවල පළව ඇති පුවත සම්බන්ධව
  • SocialShare:

ජනාධිපති මන්දිරවල පිටස්තර පුද්ගලයන් නවාතැන් ගෙන නොමැති අතර එය සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවතකි.

'‘2025 වර්ෂයේදී රට පුරා ඇති ජනාධිපති මන්දිරවල  විවිධ පුද්ගලයන් 3089ක්  නවාතැන් අරන් මැයෙන් පලවී ඇති පුවත අසත්‍ය වන අතර, 2025 වර්ෂයේදී ජනාධිපති මන්දිර පරිශ්‍රවල පවතින වෙනත් ගොඩනැගිලිවල  ආරක්ෂක අංශයේත්,  මාධ්‍ය සහ අනෙකුත් අංශ වලත් නිලධාරීන් රාජකාරීමය අවශ්‍යතා වෙනුවෙන් විවිධ අවස්ථාවල නවාතැන් ගෙන ඇත.

එහෙත් මේ නිලධාරීන් කිසිවෙකු ජනාධිපති මන්දිරවල නවාතැන් ගෙන නොමැත.

ජනාධිපති මාධ්‍ය අංශය

2026-07-25