වත්මන් රජය බලයට පත් වන විට දිනකට නිකුත් කළ 1200 ක් පමණ වූ ගුවන් ගමන් බලපත්‍ර සංඛ්‍යාව 4000 ක් දක්වා වැඩිකිරීමට පියවර ගත් බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල මහතා අද(20) පාර්ලිමේන්තුවේදි පැවසීය.

වත්මන් රජය බලයට පත් වන විට දිනකට නිකුත් කළ 1200 ක් පමණ වූ ගුවන් ගමන් බලපත්‍ර සංඛ්‍යාව 4000 ක් දක්වා වැඩිකිරීමට පියවර ගත් බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල මහතා අද(20) පාර්ලිමේන්තුවේදි පැවසීය.
“යළි පුබුදමු යාල“ වැඩසටහන යටතේ යාල වනෝද්‍යානයේ ගුණාත්මක භාවය වැඩිදියුණු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇතැයි පරිසර නියෝජ්‍ය ඇමැති ඇන්ටන් ජයකොඩි මහතා අද(20) පාර්ලිමේන්තුවේදී පැවසීය.
අද වන විට රටේ බදු ආදායම ඉහළ ගොස් ඇති බවත් , රටේ ආර්ථිකය ස්ථාවර තැනකට පැමිණ ඇතැයි මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා, නීතිඥ දයාසිරි ජයසේකර සහ මුජිබුර් රහුමාන් යන මන්ත්‍රීවරයන් ද තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද(20) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් නිරවුල් කර යළි එම ජනතාවටම ලබාදෙන බව කෘෂිකර්ම, වාරිමාර්ග, ඉඩම් හා පශූ සම්පත් අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන)” නැමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (20) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
රටේ ක්‍රියාත්මකවන ප්‍රධාන අපරාධ කල්ලි 10ක් සමග විවිධ දේශපාලන කණ්ඩායම් සබඳතා පවත්වන බවට බුද්ධි අංශ තොරතුරු වලින් හෙළිවී ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
අපරාධ වැඩිවශයෙන් සිදුවන පොලිස් කොට්ඨාස 52ක් හඳුනාගෙන ඇති බවත්, එම පොලිස් කොට්ඨාස ආවරණය කරමින් විශේෂ කාර්ය බලකා කණ්ඩායම් 15ක් නිරන්තරයෙන් මෙහෙයුම් සඳහා යොදවා ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
නීතිඥවරුන්ට කාර්යාල සාදා දීම අධිකරණ අමාත්‍යාංශයේ විෂයට අදාළ නොවන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අද(20) පාර්ලිමේන්තුවේදී පැවසීය.
රජයක් වශයෙන්ව විශ්‍රාමිකයන්ට උපරිම සහන සැලසීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන , පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා අද(20) පාර්ලිමේන්තුවේදී පැවසීය.
පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව, වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා පරීක්ෂණ කමිටුව විසින් නිෂ්ප්‍රභ කරනු ලැබීය.
පාර්ලිමේන්තුව අද පෙ.ව 9.30 ට රැස්වෙයි.
පාර්ලිමේන්තුව හෙට(20) සිට ලබන 23 වැනි සිකුරාදා දක්වා රැස්වීමට තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (16) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මේ බව තීරණය වී තිබේ.
රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.