ජූලි 21 සිට 24 දක්වා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු සතියට අදාළ කටයුතු තීරණය කර ඇති බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

ජූලි 21 සිට 24 දක්වා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු සතියට අදාළ කටයුතු තීරණය කර ඇති බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය රජය කිසිසේත් සුළුවෙන් නොතකන බවත්, ඒ පිළිබඳ පූර්ණ විමර්ශනයක් සිදු කරන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
රාජ්‍ය අයවැය සකස් කිරීමේදී ස්ත්‍රී–පුරුෂ සමාජභාවය පදනම් කරගත් විශ්ලේෂණය (Gender-Responsive Budgeting) සඳහා ඇති අවශ්‍යතාවය සහ ඒ හා සම්බන්ධ වත්මන් අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ රැස්වීමක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
පාඩු ලබන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (ශ්‍රී ලංකා ලංගම) අයත් ඩිපෝවල බස්රථ ධාවනය විධිමත් කර, ඒවා ලාභ ලබන තත්ත්වයට පත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අද (11) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
අධිකරණ පද්ධතිය තුළ පවතින නඩු ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා අභිචෝදක කාර්යාලයක් පිහිටුවීමට කටයුතු කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි. මීට සමගාමීව එහි උප කාර්යාල ද දිවයින පුරා පිහිටුවීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ වත්මන් මූල්‍ය ප්‍රතිපත්තිය, විනිමය අනුපාත ප්‍රතිපත්තිය සහ ආර්ථික තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ(10) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
පාර්ලිමේන්තුව අද පෙ.ව. 9.30ට පාර්ලිමේන්තුව රැස් වෙයි
විගණන සේවා කොමිෂන් සභාවට පත් කරන ලද නව සාමාජිකයන් සිවු දෙනෙක් පසුගියදා (04) පාර්ලිමේන්තුවේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබා දුන්හ.
2026 පළමු ශ්‍රේණියට ආරම්භ කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථකව ක්‍රියාත්මක කරමින් පවතින බවත්, 2027 වසරේ 6 වන ශ්‍රේණියට ද එය හඳුන්වා දෙන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරමින් සංචාරක හා ආයෝජන අවස්ථා වැඩිදියුණු කිරීමේ වැදගත්කම කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අවධාරණය කළේය.
වෛද්‍ය වැඩවර්ජනය අසාධාරණ බවත්, රෝගීන් පීඩාවට පත්කරමින් සිදුකරන මෙම වැඩවර්ජනයට මුහුණ දීමට රජය සූදානම් බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
මැදපෙරදිග පවතින යුදමය තත්ත්වයන් හේතුවෙන් ක්ෂේත්‍ර ගණනාවක් පීඩාවට පත්ව ඇති බවත්, ඒ පිළිබඳ අවධානය යොමු කරමින් සහන පැකේජය ඉදිරිපත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.