පාර්ලිමේන්තුව අද රැස් වෙයි

පාර්ලිමේන්තුව අද රැස් වෙයි
  • SocialShare:

පාර්ලිමේන්තුව අද පෙ.ව. 9.30ට පාර්ලිමේන්තුව රැස් වෙයි


අද (11) පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වන අතර, පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22 යටතේ පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර ඇත.
පෙ.ව. 10.00 සිට 11.00 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහාත්, පෙ.ව. 11.00 සිට 11.30 දක්වා ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහාත් කාලය වෙන් කර තිබේ.
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා විදුලි සංදේශ බදු (සංශෝධන) පනත් කෙටුම්පත සහ මුදල් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය. අනතුරුව අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ වන යෝජනාව විවාදයට ගෙන අනුමත කිරීමට සැලසුම් කර ඇත.
ඉන් පසු ප.ව. 5.00 සිට 5.30 දක්වා විපක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.