ලිට්රෝ ගෑස් මිල පහළට

ලිට්රෝ ගෑස් මිල පහළට
  • SocialShare:

ලෝක වෙළෙඳපොළේ එල්.පී. ගෑස් මිලෙහි සිදුවූ පහළ යාමේ වාසිය පාරිභෝගිකයන් වෙත ලබාදීම සඳහා ගෑස් මිල ගණන් අඩු කිරීමට තීරණය කර ඇතැයි එම සමාගම නිවේදනය කරයි.

ඒ අනුව, ඊයේ (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 4,465ක් ලෙස නියම කර ඇත. කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 118කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 1,792කි.
එමෙන්ම කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 55කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 835ක් බව ලිට්රෝ සමාගම නිවේදනය කරයි