All Stories

බෞද්ධ උරුමය ලෝකයට ගෙනයාමට නව මධ්‍යස්ථානයක් පොළොන්නරුවේ

“බෞද්ධ සංචාරක කර්මාන්තය” (Buddhist Tourism) ක්‍රමානුකූලව සංවර්ධනය කිරීම මඟින් ශ්‍රී ලංකාවට විදේශ විනිමය ඉපැයීම සඳහා නව අවස්ථා රැසක් උදාකර ගත හැකි බව ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන අධිකරණ සංඝනායක, උපරතන පාරමිතා පදනමේ සභාපති කටුගස්තොට උපරතන නායක හිමි සඳහන් කළහ.

බෞද්ධ උරුමය ලෝකයට ගෙනයාමට නව මධ්‍යස්ථානයක් පොළොන්නරුවේ

පරිසරය පූජනීයයි. එය සිහි තබාගෙන පොසොන් වන්දනාවේ එමු

පරිසරය සැමට සුව සෙත ගෙන දෙන සුරක්ෂිත ස්ථානයකි.පරිසරය සුරක්ෂිත කිරීම තව තවත් පිං වැඩෙන කුසලයක් බව භක්තිවන්ත මිනිසුන් සිතියට ගත යුතුව තිබේ .පරිසරය සුරැකීමේ අගනා කාර්ය මෙලෙස මතකයට නගන්නේ, එළඹෙන පොසොන් වන්දනා සමයේ දී පරිසරය ද පූජනීය බව වටහාගෙන සියලු බැතිමතුන් වන්දනාවේ පැමිණිය යුතු බැවිණි.

පරිසරය පූජනීයයි. එය සිහි තබාගෙන පොසොන් වන්දනාවේ එමු

සුවැති මනසක් පුබුදුවන්න ඔබගේ මනසටත් සවන් දෙන්න

පුද්ගලයෙකු සෞඛ්‍ය සම්පන්න වනවා යනු ශාරීරික වශයෙන් සුවපත් වීම පමණක් නොව මානසික සුවතාවයද මෙහිදී ඉතාම වැදගත් වෙනවා. ශාරීරිව නිරෝගී වුවද පුද්ගලයෙකු මනසින් සුවපත් නැතිනම් එම පුද්ගලයාට සාමාන්‍ය ජීවිතයක් ගෙවීම අපහසු වෙනවා. මානසික සුවතාවය කෙරෙහි අපි බොහෝ දෙනා එතරම් අවධානය යොමු නොකරන්නේ නැහැ. ඇතැම්විට අපි මානසික බිඳවැටීමකට ලක්ව ඇති බව හෝ මානසික ව්‍යාකූලතාවයකට මුහුණදීමේ ආසන්න තත්ත්වයක පසුවන බවද නොදන්නවා විය හැකියි.

සුවැති මනසක් පුබුදුවන්න ඔබගේ මනසටත් සවන් දෙන්න

ජගත් වනාන්තර දිනයේ තවත් වනාන්තර 50 ක් රක්ෂිත කෙරේ

මාර්තු 21 වන දිනට යෙදී තිබූ ජගත් වනාන්තර දිනයට සමගාමීව  තවත් වනාන්තර 50 ක් රක්ෂිත ලෙස නම් කරමින් එයට අදාළ ගැසට් පත්‍රය අත්සන් කිරීම පසුගියදා ( 23 ) පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

ජගත් වනාන්තර දිනයේ තවත් වනාන්තර 50 ක් රක්ෂිත කෙරේ

78 වන නිදහස් සැමරුමේ බුදුරදුන්ගේ ශ්‍රී සර්වඥ ධාතූන් නමදිමු

එළඹෙන පෙබරවාරි 04 වනදාට යෙදෙන ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් සැමරුමත් සමග තවත් මාහැඟි අවස්ථාවක් මෙරට බෞද්ධ ජනයාට උදා වෙනවා. බුදුන් දැක්කා හා සමාන ඉතාම විරල අවස්ථාවක් වන බුදුරජාණන් වහන්සෙගේ ශාරීරික ධාතූන් සියැසින් දැක බලාගෙන වන්දනාමාන කිරීමට මෙහිදී පිංකැමති සැමට කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ඉඩකඩ සැලසෙනවා.

78 වන නිදහස් සැමරුමේ බුදුරදුන්ගේ ශ්‍රී සර්වඥ ධාතූන් නමදිමු