ශ්‍රී ලංකාව සහ උස්බෙකිස්තානය අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට එකඟතාව

ශ්‍රී ලංකාව සහ උස්බෙකිස්තානය අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට එකඟතාව
  • SocialShare:

ශ්‍රී ලංකාව සහ උස්බෙකිස්තානය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් පුළුල් කිරීම සඳහා නව සහයෝගීතා ක්ෂේත්‍ර රැසක් පිළිබඳ අවධානය යොමු කර තිබේ.

ඒ අනුව ජූලි 9 වනදා උස්බෙකිස්තානයේ ටෂ්කෙන්ට් නුවර පැවති දෙරටේ විදේශ අමාත්‍යාංශ අතර පළමු දේශපාලන උපදේශන වටයේදී වෙළඳාම, ආයෝජන, සංචාරක කර්මාන්තය, අධ්‍යාපනය, ගුවන් සේවා සහ කෘෂිකර්මාන්තය ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීමට එකඟතාව පළ විය.

2027 වසරේ කොළඹදී දෙවන දේශපාලන උපදේශන වටය පැවැත්වීමටද දෙපාර්ශ්වය එකඟ වූ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කරයි.