ජාතික යොවුන් සේනාංකය සහ ජාතික තරුණ සේවා සභාව එක්ව සංවිධානය කරනු ලබන තෙදින නේවාසික "Leadership Training Camp and Workshop - 2026" හි මධ්‍යම පළාත් වැඩසටහනේ සහතික පත්‍ර ප්‍රදානෝත්සවය සහ සමාප්තිය ඊයේ (12දා) ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානයේ දී සිදු කෙරුණි.
තරුණ ප්‍රජාවගේ නායකත්ව කුසලතා වර්ධනය කිරීම, විචාරශීලි චින්තනය හා ගැටළු විසඳීමේ හැකියාවන් වැඩි දියුණු කිරීම සහ සමාජ වගකීමෙන් යුත් ඵලදායී නායකයින් නිර්මාණය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.
මධ්‍යම පළාත් වැඩසටහනේ සමාප්ති උත්සවය සහ සහතික පත්‍ර ප්‍රදානය තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.
එම අවස්ථාවට ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂ බී. ඒ. ගාමිණී වික්‍රමපාල මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් සහභාගී විය.
මෙම වැඩසටහනේ දෙවන වැඩසටහන ලෙස බස්නාහිර පළාත් කඳවුර ජූලි 24,25 සහ 26 ජාතික තරුණ සේවා සභාවේ හෙයියන්තුඩුව පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට නියමිතය.


