සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව නිලධාරී මණ්ඩලයේ නියෝජිතයින් අතර හමුවක්

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව නිලධාරී මණ්ඩලයේ නියෝජිතයින් අතර හමුවක්
  • SocialShare:

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ  (Government Medical Officers' Association -GMOA) නව නිලධාරී මණ්ඩලය අතර  හමූවක් පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා ද  සහභාගී වූ මෙම හමුවේ දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව   සභාපති වෛද්‍ය චන්දික එපිටකඩුව මහතාට සහ නව ලේකම් වෛද්‍ය බණ්ඩාර වරකගොඩ මහතා ඇතුළු විධායක සභාවේ නිලධාරී මණ්ඩලයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සිය සුභපැතුම් එක් කරන ලදි.

මෙරට ජනතාවට ගුණාත්මක සහ ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් සැපයීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය ක්‍රියාත්මක කරනු ලබන  සැලසුම් සහගත වැඩපිළිවෙලට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහයෝගය ඉදිරියටත් අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කරන ලදි.

වර්තමානයේ ඩෙංගු රෝගී ව්‍යාප්තිය සහ ඩෙංගු පාලන වැඩපිළිවෙල පිළිබඳවත්, ඩෙංගු රෝගී ප්‍රතිකාර සේවා සිදු කිරීමේ දී විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල මුහුණදෙන අභියෝග පිළිබඳවත් මෙම හමුවේ දී අවධානය යොමු විය.

මෙහිදී මෙරට ඩෙංගු මදුරු කටයුතු පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ යෝජනා ඇතුලත් වාර්තාවක් ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් බණ්ඩාර වරකගොඩ මහතා විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාට පිළිගන්වන ලදි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව නිලධාරී මණ්ඩලය මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යශය සමග මනා අවබෝධයකින් යුතුව ඉදිරි කටයුතු සිදු කිරිමට අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.

මෙම හමුවේ දී දීරජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෘත්තීය අවශ්‍යතාවයන් පිළිබඳව ද දෙපාර්ශ්වය අදහස් හුවමාරූ කර ගන්නා ලදි.

මෙම සාකච්ඡාව සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරමින් එහි සභාපති වෛද්‍ය චන්දික එපිටකඩුව, ලේකම් වෛද්‍ය බණ්ඩාර වරකගොඩ, උප සභාපතිවරුන් වන වෛද්‍ය රුක්මල් ගුණතිලක, වෛද්‍ය නලින්ද හේරත් වෛද්‍ය සෙනිත ලියනගේ, වෛද්‍ය චමින්ද ගුණතිලක, සහකාර ලේකම්වරුන් වන වෛද්‍ය පාලිත රාජපක්ෂ, වෛද්‍ය ප්‍රභාත් සුගතදාස, වෛද්‍ය චමිල් විජේසිංහ වෛද්‍ය ශෂික විතානගේ, වෛද්‍ය ලසිත් ධම්මික, වෛද්‍ය හංසමාල් වීරසූරිය යන මහත්වරුන් ඇතුළු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් එක්ව සිටියහ.