දශක ගණනාවක පශ්චාත් යුද සමයේ යටිතල පහසුකම් හිඟයෙන් පීඩාවට පත්ව තිබූ මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රධාන ක්‍රීඩාංගන තුනක් ජාතික මට්ටමේ ක්‍රීඩා පහසුකම් සහිතව සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අද (11) නිල වශයෙන් ආරම්භ කෙරිණි.

දශක ගණනාවක පශ්චාත් යුද සමයේ යටිතල පහසුකම් හිඟයෙන් පීඩාවට පත්ව තිබූ මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රධාන ක්‍රීඩාංගන තුනක් ජාතික මට්ටමේ ක්‍රීඩා පහසුකම් සහිතව සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අද (11) නිල වශයෙන් ආරම්භ කෙරිණි.
"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ග්‍රාමීය මට්ටමේ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නවීන ක්‍රීඩා පහසුකම් සලසා දීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ ප්‍රථම උණුසුම් ජලය සහිත මහජන පිහිනුම් තටාකය ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම අද (07) බණ්ඩාරවෙල ඌව පළාත් ක්‍රීඩා සංකීර්ණ පරිශ්‍රයේදී සිදු කෙරිණි.
50 වන ජාතික මහා ක්රීඩා උළෙල - 2026 ට සමගාමීව අද (05) පැවැති තරඟ ඇවිදීමේ (Race Walking) ඉසව්වල පිරිමි ශූරතාව ඌව පළාතේ ආර්.එම්.ඩී. රුක්මාල් සහ කාන්තා ශූරතාව දකුණු පළාතේ යූ.වී. කල්හාරි මදිරිකා විසින් දිනා ගන්නා ලදී.
ඌව පළාතේ දරුවන්ගේ සහ තරුණ තරුණියන්ගේ ක්‍රීඩා කුසලතා ජාත්‍යන්තර මට්ටම දක්වා වර්ධනය කිරීමේ අරමුණින්, බණ්ඩාරවෙල කිණ්ගම ක්‍රීඩා සංකීර්ණය කේන්ද්‍ර කරගනිමින් නවීන පහසුකම්වලින් සමන්විත පිහිනුම් තටාකයක් ඉදිකිරීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය දිනිදු හෙන්නායක මහතා පවසයි.
ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ ශ්‍රී ලංකාවට අතිවිශිෂ්ට ගෞරවයක් හිමිකර දෙමින් රන් පදක්කම් 3ක් සහ රිදී පදක්කමක් දිනාගත් ශ්‍රී ලංකාවේ හෙල්ල විසි කිරීමේ සුපිරි ක්‍රීඩක රුමේෂ් තරංග අද (20) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් දිවයිනට පැමිණියේය.
රුමේෂ් තරංග මීටර් 88.68ක විශිෂ්ට දක්ෂතාවක් දක්වමින් ඩයමන්ඩ් ලීග් - දෝහා අදියර හි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ශූරතාව දිනාගැනීමට සමත් විය.
අදියර 15කින් සමන්විත ලෝක මලල ක්රීඩා සංගමය සංවිධානය කරන Diamond League මලල ක්රීඩා තරගාවලිය ලොව ප්‍රමුඛතම වාර්ෂික ක්රීඩා තරගාවලියක් ලෙස සැලකේ.
2026 සැප්තැම්බර් මාසයේදී කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිත "Colombo Marathon" ජාත්‍යන්තර මැරතන් තරගාවලිය සම්බන්ධයෙන් තරුණ කටයුතු හා ක්රීඩා අමාත්‍යවරයා, ඉන්දියාවේ ප්‍රකට Mumbai Marathon තරගාවලියේ සංවිධායකයන් සහ සමසත්කාරකත්වය දරණ John Keells Group නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ(16) පැවැත්විණි.
2026 FIFA ලෝක පාපන්දු කුසලාන තරඟාවලිය සජීවීව විකාශය කෙරෙන නිල ප්‍රේක්ෂක කලාපය (FIFA Fan Zone) විදේශ රැකියා, විදේශ කටයුතු සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, කොටුව ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය ඉදිරිපිට යෝර්ක් වීදියේදී පසුගියදා නිල වශයෙන් විවෘත කෙරිණි.
ආසියානු පිරිමි රග්බි ශූරතාවලියේ 2026 තරගාවලියේ තීරණාත්මක තෙවැනි වටයේ තරගයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායම වන ශ්‍රී ලංකා ටස්කර්ස් අද (10) රාත්‍රියේ දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිතය.
ශ්‍රී ලංකා රග්බි ‘3වන කාණ්ඩයේ’ ජාතික සංචිතයට අලුතින් එක් වූ ක්‍රීඩකයින් වෙනුවෙන් දීමනා ප්රදානය කිරීම සහ "මිෂන් ඔලිම්පික්" වැඩසටහනට ඇතුළත් කර ගැනීම ඊයේ (26දා) තරුණ කටයුතු සහ ක්රීඩා අමාත්‍යාංශයේදී සිදු කෙරුණි.
ප්‍රථම මධ්‍යම ආසියානු සහ දකුණු ආසියානු (CASA) සෙවන්ස් රග්බි තරගාවලියේ පිරිමි සහ කාන්තා දෙඅංශයේම ශූරතාවය (Double Championship) දිනාගැනීමට ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායම් සමත් විය.


රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.