50 වන ජාතික මහා ක්‍රීඩා උළෙල - 2026 ට සමගාමීව අද (05) පැවැති තරඟ ඇවිදීමේ (Race Walking) ඉසව්වල පිරිමි ශූරතාව ඌව පළාතේ ආර්.එම්.ඩී. රුක්මාල් සහ කාන්තා ශූරතාව දකුණු පළාතේ යූ.වී. කල්හාරි මදිරිකා විසින් දිනා ගන්නා ලදී.
තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය ඉදිරිපිටින් ආරම්භ වූ කාන්තා ඉසව්ව පැය 1:47:57 කින් නිමා කළ යූ.වී. කල්හාරි මදිරිකා ප්‍රථම ස්ථානය හිමිකර ගත් අතර දෙවන හා තෙවන ස්ථාන ද දකුණු පළාතේ ටී.වී. හෂිනි ලක්ෂානි සහ පී.බී. ගයානි විසින් දිනා ගන්නා ලදී. ඒ අනුව කාන්තා කණ්ඩායම් ශූරතාව ද දකුණු පළාතට හිමි විය.
පිරිමි ඉසව්වේදී ආර්.එම්.ඩී. රුක්මාල් පැය 1:35:02 ක කාලයකින් ප්‍රථම ස්ථානය දිනාගත් අතර දකුණු පළාතේ ඩී.ජී. ඉමන්ත සහන් දෙවන ස්ථානයත්, උතුරු මැද පළාතේ එච්.එම්.එස්.ආර්. හේරත් තෙවන ස්ථානයත් හිමිකර ගන්නා ලදි.
පිරිමි කණ්ඩායම් ශූරතාව ද දකුණු පළාත විසින් දිනා ගැනීමත් සමඟ මෙවර තරඟ ඇවිදීමේ පිරිමි හා කාන්තා කණ්ඩායම් ශූරතා දෙකම දකුණු පළාතට හිමි විය.


