වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ජලාශවල මේවන විට සමස්ත ධාරිතාවයෙන් සියයට 50ක පමණ ජලය රැස්කර ඇති බවත් මෙ වනවිට යල කන්නයේ අවසාන භාගයට පැමිණ ඇති බැවින් අගෝස්තු මාසයේ මුල් සතිය වනවිට අස්වනු නෙළීම අවසන් වන අතර ජලාශවල පවතින ජල ප්‍රමාණය යම් මට්ටමක අඩුවීමක් අපේක්ෂා කරන බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ආචාර්ය කිත්සිරි වැලිගෙපලගේ මහතා පවසයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (06) පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
ඒ අනුව එළඹෙන මහ කන්නය ඔක්තෝබර් මාසයේ මුල ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බව සඳහන් කළ ඒ මහතා ජලාශවල දැනට පවතින ජල මට්ටම් රඳවා ගනිමින් කඩිනමින් ඉදිරි කන්නයට යොමු වීම අපේක්ෂාව නව බවද හෙතෙම පෙන්වා දුන්නේය.ඒසේම නොවැම්බර් මාසයේදී වැඩි වර්ෂාපතනයක් ලැබුණහොත් වී වගාවට යොමු වන කුඹුරුවල මසකට ආසන්න කාලයක භෝගයන්වලට ඔරොත්තු දීමේ හැකියාවක් ඇති බවද ඒ මහතා සඳහන් කළේය.
ඒසේම නැගෙනහිර පළාතේ ජලාශවල හැරුණු විට පානීය ජලය ලබා ගන්නා සෙසු ජලාශවල ප්‍රමාණවත් පරිදි ජලය පවතින බවද ඒ මහතා අවධාරණය කළේය.


