"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ග්‍රාමීය මට්ටමේ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නවීන ක්‍රීඩා පහසුකම් සලසා දීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ ප්‍රථම උණුසුම් ජලය සහිත මහජන පිහිනුම් තටාකය ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම අද (07) බණ්ඩාරවෙල ඌව පළාත් ක්‍රීඩා සංකීර්ණ පරිශ්‍රයේදී සිදු කෙරිණි.
තරුණ කටයුතු සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් 144,191,250.00ක ප්‍රතිපාදන වෙන් කර තිබේ.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වූ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, රටේ තරුණයන් සිරකරුවන් බවට පත්කිරීම වෙනුවට විනයගරුක, රටට වැඩදායී ක්‍රීඩකයන් බවට පත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන සුවිශේෂී ව්‍යාපෘතියක් ලෙස මෙම පිහිනුම් තටාකය හඳුන්වා දිය හැකි බවයි.
ග්‍රාමීය ප්‍රදේශවල දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නවීන පුහුණු පහසුකම් ලබාදීම රජයේ ප්‍රමුඛ අරමුණක් වන අතර, මෙම ව්‍යාපෘතිය ඒ සඳහා වැදගත් පියවරක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම අවස්ථාවට තරුණ කටයුතු සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනිඳු සමන් හේන්නායක ඇතුළු මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියහ.


