ඩයමන්ඩ් ලීග් ශූර රුමේෂ් තරංග දිවයිනට

ඩයමන්ඩ් ලීග් ශූර රුමේෂ් තරංග දිවයිනට
  • SocialShare:

ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ ශ්‍රී ලංකාවට අතිවිශිෂ්ට ගෞරවයක් හිමිකර දෙමින් රන් පදක්කම් 3ක් සහ රිදී පදක්කමක් දිනාගත් ශ්‍රී ලංකාවේ හෙල්ල විසි කිරීමේ සුපිරි ක්‍රීඩක රුමේෂ් තරංග අද (20) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් දිවයිනට පැමිණියේය.

ඔහු පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය එක්ව විශේෂ උත්සවයක් සංවිධානය කර තිබූ අතර, ක්‍රීඩා අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් දර්ශන වරගොඩ මහතා, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්. අච්චුදන් මහතා, ජාතික ඔලිම්පික් කමිටුවේ සහ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිලධාරීන්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන්, පවුලේ සාමාජිකයින් සහ හිතවතුන් එම අවස්ථාවට එක්ව සිටියහ.

මෙවර ඩයමන්ඩ් ලීග් තරඟාවලිවලදී රුමේෂ් තරංග දැක්වූ දක්ෂතා අතරින් රෝම තරඟාවලියේදී මීටර් 92.62ක ඓතිහාසික දක්ෂතාවයක් වාර්තා කරමින් රන් පදක්කම දිනා ගැනීම විශේෂත්වයකි. එම දක්ෂතාව ශ්‍රී ලංකා ජාතික වාර්තාවක් ලෙසද සටහන් වූ අතර, ලෝක හෙල්ල විසි කිරීමේ ඉතිහාසයේ දෙවැනි හොඳම දක්ෂතාව ලෙසද වාර්තා විය.

එමෙන්ම දෝහා ඩයමන්ඩ් ලීග් තරඟාවලියේදී මීටර් 88.68ක දක්ෂතාවයක් දක්වමින් ප්‍රබල ඔලිම්පික් සහ ලෝක ශූරයන් අභිබවා යමින් රන් පදක්කම දිනා ගැනීමටද ඔහු සමත් විය.

රු