ශාන්ති පදනම 36 වැනි වරට සංවිධානය කරන ජාතික පිච්ච මල් පූජා පිංකම ජූලි මස 25 සහ 26 දෙිදන පැවැත්වීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව එම පදනමේ සභාපති පූජ්‍ය කොටපළ අමරකිත්ති ස්වාමීන්වහන්සේ පැවසූහ.
උන්වහන්‌සේ මෙ බව පැවසුවේ අද (20) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට පහභාගී වෙමිනි.
මෙම පිංකම සඳහා අවශ්‍ය පිච්ච මල් කෙසෙල් පතුරුවලින් සකස් කළ භාජනයක අසුරා රැගෙන ආ යුතු බවත් ඒසේ රැගෙන එන මල් 25 වැනි දින අනුරාධපුර මල් කාර්යාලයේදී වර්ගීකරණය කිරීමෙන් අනතුරුව පාත්තරවල ඇසිරීම සිදු කර සමස පෙරහැරට එක් කෙරෙන බවද උන්වහන්සේ පෙන්වා දුන්හ.
එසේම 23 වැනි දින ශාන්ති පදනමෙන් සත්බුදුරාජාණන් වහන්සේලා රිය පෙරහැරකින් අනුරාධපුරය බලා වැඩමවීමට නියමිත බව පෙන්වා දුන් උන්වහන්සේ පළමු දිනයේදී කඩවත, මිරිස්වත්ත, ගණේමුල්ල , ගිරිඋල්ල , කුරුණෑගල දක්වා පැමිණෙන බවත් 24 වැනි දින කුරුණෑගල සිට දඹුල්ල හරහා අනුරාධපුරයට ළඟා වීමට නියමිත බවත් සඳහන් කළහ.
රටට දීර්ඝ කාලයක් සේවය කළ රජවරුන් වෙනුවෙන් පින් අනුමෝදන් කිරීම සඳහා 24 වැනි දින සියක් නමක් විෂයෙහි සංඝගත දක්ෂිණාවක් පැවැත්වෙන බව ද උන්වහන්සේ සිහිපත් කළහ.
තවද සැදැහැවතුන් සුදු වතින් සැරසී පිංකමට සම්බන්ධ වන ලෙස දැනුම් දුන් උන්වහන්සේ කුඩා ළමුන් රැගෙන පැමිණෙන දෙමාපියන් දරුවා අත සම්බන්ධ කර ගත හැකි දුරකතන අංකයක් රඳවා තබන ලෙසද දැනුම් දුන්හ.මහමෙන්වාප පරිශ්‍රයේ අපදුව්‍ය බැහැර නොකරන ලෙස ත් ඒවා නියමිත ස්ථානවල බැහැර කරන ලෙසත් උන්වහන්සේ ජනතාවගෙන් ඉල්ලීමක් කළහ.
25 වැනි දින පස්වරු 1.00ට පිච්ච මල් පෙරහැර ථූපාරාමය අභියසින් ගමන් ආරම්භ කරන බවත් පස්වරු 4.00 වන විට ශ්‍රී මහ බෝධියට අසළට පැමිණීමට නියමිත බවත් මෙම මාධ්‍ය සාකච්ඡාවට ඒක් වෙමින් පිච්ච මල් පූජා කමිටුවේ ප්‍රධාන සංවිධායක අශෝක ලිලන්ත මහතා සඳහන් කළේය. ඒසේම රාත්‍රී පෙරහැර පස්වරු 7.00ට ශ්‍රී මහා බෝධියෙන් ගමන් ආරම්භ කර පස්වරු 8.30 පමණ විට රුවන්මැලි මහා ෂෑයට ළඟා වීමට නියමිත අතර එහින රාත්‍රී 10.00ට පරිත්‍රාණ ධර්ම දේශනය ආරම්භ වන බවද ඒ මහතා පැවසීය.
පසුදින රුවන්මැලි මහා සෑය වෙනුවෙන් කිරිපිඩු පූජාව සහ පළතුරු පූජාවෙන් අනතරුව මෙම පිංකමේ කටයුතු අවසන් බව බවද හෙතෙමෙ පෙන්වා දුන්නේය.
මෙම පිංකමට සහභාගී වීම සඳහා විශේෂ දුම්රියන් සහ සෑම ඩිපෝවකින්ම ලංගම බස් රථ ප්‍රමාණවත් පරිදි යොදවා ඇති බවත් රථ ගාල් සූදානම් කර ඇති බවත් පෙන්වා දුන් ඒ මහතා දිය නෑම සඳහා ඒ සඳහා සුදුසු බවට සහතික කර ඇති ස්ථාන පමණක් භාවිත කරන ලෙසද වැඩිදුරටත් දැනුම් දුන්නේය.


