ආසියානු පිරිමි රග්බි ශූරතාවලියේ 2026 තරගාවලියේ තීරණාත්මක තෙවැනි වටයේ තරගයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායම වන ශ්‍රී ලංකා ටස්කර්ස් අද (10) රාත්‍රියේ දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිතය.
දකුණු කොරියාවේ නම්ඩොං ආසියානු රග්බි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සත්කාරක දකුණු කොරියානු කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතය.
ආසියානු රග්බි ශූරතාවලියේ ඉදිරි ගමනට මෙන්ම ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉහළ ස්ථානයක් හිමිකර ගැනීම සඳහා ද මෙම තරගය අතිශය වැදගත් අවස්ථාවක් ලෙස සැලකේ.
හොංකොං සහ දකුණු කොරියාව වැනි ආසියාවේ ප්‍රබල රග්බි කණ්ඩායම් සමඟ කරට කර තරග වදිමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ජාත්‍යන්තර ක්‍රීඩා වේදිකාවේ මව්බිමේ ගෞරවය තවදුරටත් ඉහළ නැංවීමට සූදානමින් සිටිති.
කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යාමට පෙර ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සමඟ විශේෂ හමුවක් අද පැවැති අතර, එහිදී ක්‍රීඩකයන්ගේ කැපවීම සහ දක්ෂතා අගය කළ අමාත්‍යවරයා තරගාවලිය පුරාම කණ්ඩායම වෙත අමාත්‍යාංශයේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ප්‍රකාශ කළේය.


