රුමේෂ් තරංග අද දෝහා ඩයමන්ඩ් ලීග් පිටියට

රුමේෂ් තරංග අද දෝහා ඩයමන්ඩ් ලීග් පිටියට
  • SocialShare:

අදියර 15කින් සමන්විත ලෝක මලල ක්‍රීඩා සංගමය සංවිධානය කරන Diamond League මලල ක්‍රීඩා තරගාවලිය ලොව ප්‍රමුඛතම වාර්ෂික ක්‍රීඩා තරගාවලියක් ලෙස සැලකේ.

එහි දෝහා අදියරට ශ්‍රී ලංකාවේ හෙල්ල විසි කිරීමේ ශූර Rumesh Tharanga අද (19) සහභාගී වීමට නියමිතයි.

පසුගිය රෝම අදියරේදී ඔහු මීටර් 92.62ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් තරගාවලි වාර්තාවක් සහ ශ්‍රී ලංකා වාර්තාවක්ද පිහිටුවීමට සමත් විය. එම දක්ෂතාවත් සමග ඔහු ලෝකයේ හොඳම හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයින් අතර 8 වැනි ස්ථානයට ඉදිරියට පැමිණ තිබේ.

දෝහා අදියර ඔහුගේ දෙවැනි Diamond League සහභාගීත්වය වන අතර, මෙවර තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 11.14ට ආරම්භ වීමට නියමිතය.

මෙවර තරගාවලියට වත්මන් ලෝක ශූර කෙෂෝන් වෝල්කොට්, ඔලිම්පික් හා ලෝක ශූර නීරාජ් චොප්රා, ග්‍රෙනඩාවේ ඇන්ඩර්සන් පීටර්ස් සහ ඇමරිකාවේ කර්ටිස් තොම්සන් ඇතුළු ලොව ප්‍රමුඛ ක්‍රීඩකයන් රැසක් සහභාගී වීමට නියමිතය.

පසුගියදා චෙක් ජනරජයේ ඔස්ට්‍රාවාහි පැවති Golden Spike තරගාවලියේදී රුමේෂ් තරගය ජයගනිමින්, එම ඉසව්ව ජයගත් පළමු ශ්‍රී ලාංකිකයා ලෙසද ඉතිහාසයට එක් විය.

දෝහා පිටියේදී ඔහුගේ නවතම දක්ෂතාව පිළිබඳව ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි අවධානය යොමුව ඇත.