ආබාධ සහිත සිසුන්ට ඕනෑම ක්ෂේත්‍රයකින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට වරම් හ්ම්වන බව සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පවසයි.
"සරසවි දිරියෝ අභිමන්" වැඩසටහන ඊයේ (11) ඇරඹි අතර එහිදී අමාත්‍යවරයා මේ බව පැවසුවේය.
"පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්" ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් "නිබාධිත සමාජ ජීවිතයක් – යුක්තිසහගත සමප්‍රවේශයක්" යන ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවමින්, ජනාධිපති අරමුදල මඟින් විශ්වවිද්‍යාල වරම් ලැබූ ආබාධ සහිත විද්‍යාර්ථීන් සඳහා එක්වරක් පමණක් පිරිනමන "සරසවි දිරියෝ අභිමන්" නමින් රුපියල් ලක්ෂයක (රු. 100,000) ශිෂ්‍යාධාරයක් ලබාදීමට සැලසුම් කර ඇත.
ඒ අනුව, දැනට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන විද්‍යාර්ථීන් සඳහා එම ශිෂ්‍යාධාරය පිරිනැමීම ඊයේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිනියගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිර පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවේදී සභාව අමතමින් ගරු අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා සඳහන් කළේ, මීට පෙර දේශපාලනඥයන්ගේ අවශ්‍යතා සඳහා වැය කළ ජනාධිපති අරමුදල මේ වන විට ජනතාවගේ අත්‍යවශ්‍ය සුබසාධනය වෙනුවෙන් යොමු කර ඇති බවයි. දැනට ආබාධ සහිත විශ්වවිද්‍යාල සිසුන් 370 දෙනෙකු පමණ මෙම වැඩසටහනෙන් ප්‍රතිලාභ ලබන අතර, ලබන වසරේ සිට විශ්වවිද්‍යාලයට ඇතුළත් වන සියලුම ආබාධ සහිත සිසුන්ට පළමු වසරේ සිටම මෙම මූල්‍ය ආධාරය ලබාදීමට තීරණය කර ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා අවධාරණය කළේ, මීට පෙර ආබාධ සහිත සිසුන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී ඇතැම් පීඨවලට පමණක් සීමා වී තිබූ අවස්ථා පැවති නමුත්, මේ වන විට වෛද්‍ය, ඉංජිනේරු, කෘෂිකර්ම ඇතුළු ඕනෑම ක්ෂේත්‍රයකින් උසස් අධ්‍යාපනය හැදෑරීමට ඔවුන්ට අවස්ථාව උදා වී ඇති බවයි.
ජාතික, ආගමික, භූගෝලීය හෝ කායික වෙනස්කම්වලින් තොරව සියලු පුරවැසියන්ට සමානාත්මතාව සහ සාධාරණත්වය තහවුරු වන සමාජයක් ගොඩනැඟීම වත්මන් රජයේ ප්‍රධාන අරමුණ බව ද අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා අවධාරණය කළේය.
මෙම අවස්ථාවේදී දැනට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන විද්‍යාර්ථීන් වෙනුවෙන් සංඛේතාත්මකව ශිෂ්‍යාධාර ප්‍රදාන ලිපි පිරිනැමීම ද සිදු කෙරිණි.
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා, විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, දෙමාපියන් සහ ආබාධ සහිත විද්‍යාර්ථීන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.


