යාපනය පැරැණි දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිල්ල සංරක්ෂණය කිරීමට අවධානය

යාපනය පැරැණි දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිල්ල සංරක්ෂණය කිරීමට අවධානය
  • SocialShare:

යාපනය දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වූ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පසුගියදා ( ජූලි 23 ) යාපනය පැරණි දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිල්ල නිරීක්ෂණය කිරීමේ චාරිකාවකට එක්වූ අතර එහිදී විනාශ වෙමින් පවතින මෙම ගොඩනැගිල්ල කඩිනමින් සංරක්ෂණය කළ යුතු බව අමාත්‍යතුමා පෙන්වා දුන්නේය.

යාපනයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට ඇති මෙම පැරණි ගොඩනැගිල්ල ( පරණ කච්චේරිය ) පෞරාණික වටිනාකමකින් යුක්ත ඉදිකිරීමක් වන අතර එය විශිෂ්ට වාස්තු විද්‍යාත්මක ලක්ෂණවලින් සමන්විතය.

මෙම නිරීක්ෂණ චාරිකාවට උතුරු පළාත් ආණ්ඩුකාරවර නාගලිංගම් වේදනායගම් මහතා, යාපනය දිස්ත්‍රික් ලේකම් එම්. ප්‍රදීපන් මහතා, පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් සෙනරත් වික්‍රමසිංහ මහතා සහ යාපනය ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලයේ නිලධාරීහු, ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති කීර්ති වැලිසරගේ මහතා, යාපනය මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී හිටපු කථිකාචාර්ය, කබිලන් සුන්දර මූර්ති මහතා, යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ස්වාමිනාදන් විමල් මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ .