මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු අවසන් වූ හෙරොයින් කිලෝග්‍රෑම් 99යි ග්‍රෑම් 478ක් සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව භාරයේ පැවති නඩු කටයුතු අවසන් වී අධිකරණය මඟින් විනාශ කිරීමට නියෝග කළ මත්ද්‍රව්‍ය තොගය ඊයේ (25) පුත්තලම වනාතවිල්ලුව, ලැක්ටොවත්ත ප්‍රදේශයේ ස්ථාපිත දහන උඳුන වෙත රැගෙන යන ලදී.
අධිකරණ නියෝගයට අනුව එම මත්ද්‍රව්‍ය දහනය කිරීම සඳහා උඳුන වෙත ප්‍රවාහනය කිරීම ආරක්ෂක විධිවිධාන යටතේ සිදු කෙරිණි. මෙම අවස්ථාවට මාරවිල දිසා අධිකරණයේ අතිරේක දිසා විනිසුරු ගිහාන් බස්නායක මහතා, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සහභාගි වූහ.


