බස්නාහිර ඇතුළු ප්‍රදේශ කිහිපයකට තරමක තද වැසි

බස්නාහිර ඇතුළු ප්‍රදේශ කිහිපයකට තරමක තද වැසි
  • SocialShare:

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව ද සඳහන් වේ. අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කවල ද වැසි වාර කිහිපයක් අපේක්ෂා කෙරේ. මේ අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වල මෙන්ම හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර් 40–50 පමණ වේගයෙන් තද සුළං හමා යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.