ශ්‍රී ලංකාවේ මහල් නිවාස සංකීර්ණ සහ සහාධිපත්‍ය දේපළ පාලනය, නියාමනය සහ නඩත්තු කටයුතු අධීක්ෂණය සඳහා පිහිටුවා ඇති ප්‍රධාන රාජ්‍ය ආයතනය වන සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ නව නිල වෙබ් අඩවිය ඊයේ (04) එළිදැක්විණි.
මෙම නව වෙබ් අඩවිය මඟින් ජනතාවට සේවාවන් වඩාත් කාර්යක්ෂමව, විනිවිදභාවයෙන් සහ පහසුවෙන් ලබාගැනීමේ හැකියාව ලැබෙන බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි. අගෝස්තු මාසයේ සිට අධිකාරියේ සියලු සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙම අවස්ථාවට නාගරික සංවර්ධන, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.


