ඇමරිකා එක්සත් ජනපදයේ 250 වැනි නිදහස් දින සැමරුමට සමගාමී සිනමාමය උපහාර රාත්‍රිය කොළඹදී

ඇමරිකා එක්සත් ජනපදයේ 250 වැනි නිදහස් දින සැමරුමට සමගාමී සිනමාමය උපහාර රාත්‍රිය කොළඹදී
  • SocialShare:
අදට (04) යෙදී තිබෙන ඇමරිකා එක්සත් ජනපදයේ 250 වැනි නිදහස් දින සංවත්සරයට සමගාමීව කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය සංවිධානය කළ සිනමාමය උපහාර රාත්රිය අද කොළඹදී පැවැත්විණි.

 

මෙම අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් මහතා සහභාගී වූ අතර, දේශපාලන හා ආර්ථික සබඳතාවලින් ඔබ්බට ගොස් කලාව සහ සංස්කෘතිය හරහා ශ්රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ජනතා සබඳතා, මිත්රත්වය සහ අන්යෝන්ය අවබෝධය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මෙවැනි වැඩසටහන් වැදගත් බව අවධාරණය කෙරිණි.
එමෙන්ම, කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ වැඩබලන තානාපති හොවෙල් මහත්මිය ඇතුළු නිලධාරී මණ්ඩලයට සහ ඇමරිකානු ජනතාව වෙත 250 වැනි නිදහස් දින සංවත්සරය නිමිත්තෙන් සුබපැතුම් ද එක් කෙරිණි.