අලිඇතුන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් රජය පෙනී සිටිනබවත්, අලි මිනිස් ගැටුම විසඳීම සඳහා මෙවර අයවැයෙන් පසුගිය වසරවලට වඩා වැඩමුදලක් වෙන්කර ඇතැයි පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා අද(21) පාර්ලිමේන්තුවේදි පැවසීය. පසුගිය වසරේ වනඅලි සංගණනයට අනුව, වන අලි 385ක් මියගොස් ඇතැයිද පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා අනාවරණය කළේය.
