පසුගිය දින දෙකේදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ යේ සහ මිද්දෙණියේ සිදු වූ වෛඩි තැබීම් සම්බන්ධයෙන් පරීක්ෂණ කාර්යක්ෂමව සහ දේශපාලන මැදිහත්වීමෙන් තොරව සිදු කරන බවත්, වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමට රජය මැදිහත්වව බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
අද(21) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. මෙම වෙඩ්තැබීම් සම්බන්ධයෙන් රජයක් වශයෙන් කණගාටුවන බවත් අමාත්‍යවරයා කීය.
ජාතික ආරක්ෂාව බිඳ වැටී ඇති බවට විපක්ෂය චෝදනා කළත්, මෙම අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය නිසි පරීක්ෂණ පවත්වන බවත්, අපරාධ සිදුවී පැය 08ක් ගතවීමට පෙර පොලීසියට අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවද කීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.
පොලීසියේ දක්ෂතාවය අගය කළයුතුයි.ෙ පසුගිය සමයේ සිදු වූ සමහර අපරාධ අද වෙනතුරු කිසිවෙක් අත්අඩංගුවට ගැනීමට හැකි වී නැහැ. ඒ සියල්ල දේශපාලන සබඳතා මත සිදු වූ අපරාධ. නමුත් අද පොලීසියට පරීක්ෂණ සිදු කිරීම සඳහා අවශ්‍ය නිදහස රජයක් වශයෙන් ලබා දී තිබෙනවා. එම නිසා එම පරීක්ෂණ වඩා කාර්යක්ෂමව සහ සාර්ථකව සිදු වෙනවා. මීට පැය කිහිපයකට පෙර මිද්දෙණියේ ඝාතකයන් අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. එම සියලු දෙනා නීතියේ රැහැනට කොටු කරගැනීමට හැකි අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.බමේ පිළිබඳව රජය දැඩි අවධානය යොමු කර තිබෙනවා.