සිරි දළඳා වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන්ගේ වාහන හඳුනා ගැනීමට ස්ටිකරයක්

සිරි දළඳා වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන්ගේ  වාහන හඳුනා  ගැනීමට ස්ටිකරයක්
  • SocialShare:
එළඹෙන අප්‍රේල් 18 ආරම්භවන සිරි දළඳා දැක්ම 2025 ප්‍රදර්ශනය නැරඹණීම සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා එම කණ්ඩායම් පැමිණෙන වාහන හඳුනා ගැනිමට ස්ටිකරයක් හඳුන්වාදෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක්නි කුත් කරමින් සඳහන් කරයි.

බැතිමතුන්ගේ වන්දනා කටයුතු පහසුවීම හා වාහන පහසුවෙන් හඳුනා ගැනීම සඳහාම මෙම ස්ටිකරය හඳුන්වා දී ඇති අතර, වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන් රැගත් රථවාහන වල මෙම ස්ටිකරය ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය  නොවන බවත්, මෙම ස්ටිකරය නොමැති වුවද බැතිමතුන් වෙත ශ්‍රී දළඳා වන්දනාව සඳහා පැමිණීමේ හැකියාව ඇති බවටද පොලීසිය දන්වා සිටියි.
 
 

සිරි දළදා දැක්ම සඳහා විශාල බැතිමතුන් ප්‍රමාණයක් පැමිණෙතැයි පොලීසිය අපේක්ෂා කරන බැවින් බැතිමතුන්ගේ වාහන පහසුවෙන් හඳුනාගෙන රථගාල් වෙත යොමු කිරීම සඳහා සහ බැතිමතුන් හට අවහිරයකින් තොරව වන්දනා කර ගැනීමට හැකිවන පරිදී ඉඩ ප්‍රස්තාව සැලසීම මෙන්ම පැමිණෙන සංඛ්‍යාව ගණනය කිරීම සඳහා මෙම ස්ටිකරය හඳුනාවා දීමට පොලීසිය කටයුතු කර ඇත.

ඒ අනුව සෑම පොලිස් වසමකම පිහිටුවා ඇති මහජන ආරක්ෂක කමිටු සම්බන්ධීකරණය කර දළදා වන්දනාව සඳහා පිටත්ව යන වාහන වෙත මෙම ස්ටිකරය නිකුත් කර ලෙස දැනටමත් පොලිස් මූලස්ථානය මගින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කර ඇති බවත් පොලීසිය පවසයි.

ඒ අනුව දිවයින පුරා පොලිස් වසම්වලින් දළදා දැක්ම වන්දනාව සඳහා කණ්ඩායම් වශයෙන් වාහන හා බැතිමතුන් කොපමණ සංඛ්‍යාවක් පැමිණෙන්නේද යන්න පිළිබඳව පූර්ව තොරතුරු ලබාගෙන එම වාහන සඳහා එක් එක් වාහනයකට එක් ස්ටිකරය බැගින් අදාළ පොලිස් ස්ථානාධිපතිවරයාගේ අත්සන හා නිල මුද්‍රාව සහිතව මෙම ස්ටිකරය නිකුත් කිරීමටත් මේ වන විට කටයුතු යොදා තිබේ.

වන්දනා කණ්ඩායම් පැමිණෙන රථයේ ඉදිරි වාමුවාවේ වම්පස ඉහළ කෙළවරේ පිටතට හොඳින් පෙනන අයුරින් හා රියදුරු දර්ශනයට අවහිරයක් නොවන සේ මෙම ස්ටිකරය අලවාගෙන පැමිණෙන ලෙස මැතිමතුන් කණ්ඩායම් භාරව පැමිණෙන අයවලුන් වෙත පොලීසිය ඉල්ලීමක් කර ඇත.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.