ශ්‍රී ලංකාව ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව් වැනි ස්ථානයට

ශ්‍රී ලංකාව ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව් වැනි ස්ථානයට
  • SocialShare:

ජාත්‍යන්තර මූල්‍ය ආයතනයක් විසින් නිකුත් කළ 2026 වර්ෂයේ ආයෝජක සබඳතා සහ ණය විනිවිදභාවය පිළිබඳ වාර්තාවට අනුව ශ්‍රී ලංකාව ලොව වේගයෙන් දියුණු වන රාජ්‍යයන් අතරට එක්ව තිබේ.

අදාළ වාර්තාවට අනුව වේගවත් ප්‍රගතියක් වාර්තා කළ රටවල් අතර ශ්‍රී ලංකාව සිව්වන ස්ථානයට පත්ව ඇති බව සඳහන් වේ.

එම ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය වියට්නාමයට හිමිව ඇති අතර, දෙවන ස්ථානය බෙලීස් රාජ්‍යයටත්, තෙවන ස්ථානය මොසැම්බික් රාජ්‍යයටත් හිමිව තිබේ.

ණය විනිවිදභාවය සහ ආයෝජක සබඳතා යන ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව පසුගිය කාලය තුළ අත්කරගෙන ඇති ප්‍රගතිය මෙම පිළිගැනීමට හේතු වී ඇති බව අදාළ වාර්තාව පෙන්වා දෙයි.

එමෙන්ම ණය විනිවිදභාවය සඳහා වන නිශ්චිත ශ්‍රේණිගත කිරීම්වල පස්වන ස්ථානය දක්වා ඉහළට පැමිණීමටද ශ්‍රී ලංකාව සමත්ව ඇති බව වාර්තා වේ.