සංචාරක ආයෝජන සඳහා ජනාධිපති මන්දිර 5ක් දීර්ඝකාලීන බදු පදනම මත ලබාදීමට කැබිනට් අනුමැතිය

සංචාරක ආයෝජන සඳහා ජනාධිපති මන්දිර 5ක් දීර්ඝකාලීන බදු පදනම මත ලබාදීමට කැබිනට් අනුමැතිය
  • SocialShare:

ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පාලනය වන බෙන්තොට, කතරගම, මහියංගණය, ඇඹිලිපිටිය සහ අනුරාධපුර ප්‍රදේශවල පිහිටි ජනාධිපති මන්දිර සංචාරක ආයෝජන ව්‍යාපෘති සඳහා දීර්ඝකාලීන බදු පදනම මත සුදුසු ආයෝජකයන් වෙත ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ජනාධිපතිවරයාගේ නිල කටයුතු හා පෞද්ගලික විවේක අවස්ථාවන් සඳහා පවත්වාගෙන ගිය මෙම ජනාධිපති මන්දිර වර්තමානයේ එම කටයුතු සඳහා භාවිත නොවන අතර, ඉහළ වාස්තු විද්‍යාත්මක හා ආර්ථික වටිනාකමකින් යුත්, අංගසම්පූර්ණ පහසුකම් සහ ආකර්ෂණීය භූමි සැකසුම්වලින් සමන්විත වේ.

මෙම මන්දිර නඩත්තු කිරීම, ආරක්ෂාව සහ අනෙකුත් පරිපාලන වියදම් සඳහා සැලකිය යුතු රාජ්‍ය මුදලක් වැය වන බැවින්, රජය සතු බංගලා, නිවාස සහ ජනාධිපති මන්දිර ආර්ථික වශයෙන් ඵලදායී ලෙස උපයෝජනය කිරීම සඳහා පත් කළ කමිටුවේ නිර්දේශ සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව, සංචාරක ක්ෂේත්‍රයේ ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා කැඳවා, සුදුසු ආයෝජකයන් වෙත එම ජනාධිපති මන්දිර දීර්ඝකාලීන බදු පදනම මත ලබාදීම පිණිස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.