ප්‍රාදේශීය මට්ටමින් කර්මාන්ත ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ප්‍රාදේශීය කර්මාන්තපුර සංවර්ධන වැඩසටහන යටතේ නව කර්මාන්ත පිහිටුවීම සඳහා ආයෝජකයින් වෙත ඉඩම් කොටස් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන යටතේ කර්මාන්තපුර සඳහා හඳුනාගත් ඉඩම්වල මූලික යටිතල පහසුකම් සංවර්ධනය කිරීමෙන් අනතුරුව සුදුසු ආයෝජකයින් වෙත ඉඩම් කොටස් ලබාදීම සිදු කරනු ලබයි.
ඒ අනුව, ප්‍රාදේශීය කර්මාන්තපුරවල ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරිපත් වූ යෝජනා ඇගයීමෙන් අනතුරුව ව්‍යාපෘති 23ක් සඳහා ඉඩම් කොටස් වෙන් කිරීමට අදාළ කමිටු මඟින් නිර්දේශ කර ඇත.
මෙම ව්‍යාපෘති සඳහා අපේක්ෂිත ආයෝජන වටිනාකම රුපියල් මිලියන 2,805.26ක් පමණ වන අතර, එමඟින් සෘජු රැකියා අවස්ථා 870ක් පමණ උත්පාදනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඒ අනුව, නව කර්මාන්ත පිහිටුවීම සඳහා ආයෝජකයින් 23 දෙනෙකු වෙත ප්‍රාදේශීය කර්මාන්තපුර 13කින් අදාළ ඉඩම් කොටස් වසර 35ක බදු පදනම යටතේ ලබාදීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාතය සුනිල් හඳුන්නෙත්ති මහාත ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ


