All Stories

විදේශ ගමන් බලපත්‍ර සම්බන්ධයෙන් ගත් තීරණයක්

ප්‍රසම්පාදනයක් මගින් විදේශ ගමන්බලපත්‍ර ලක්ෂ 5ක ප්‍රමාණයක් මිල දී ගැනීමට රජය තීරණය කර ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

විදේශ ගමන් බලපත්‍ර සම්බන්ධයෙන් ගත් තීරණයක්

ලබන වසරේ සිට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වෙනවා

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසුවාය. 

ලබන වසරේ සිට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වෙනවා

රජය කටයුතු කරන්නේ සමස්ථ ජනතාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන්

Unpublished

ජාතික ජන බලවේග රජය  සෑම විටම කටයුතු කරන්නේ සමස්ථය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා  අද(23) පාර්ලිමේන්තුවේදී පැවසීය.

  රජය කටයුතු කරන්නේ සමස්ථ ජනතාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන්

වාහන බලපත් අහෝසි කිරීමේ කිසිදු තීරණයක් ගෙන නැහැ - ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා

රාජ්‍ය සේවයේ උසස් නිලධාරීන්ට ලබාදෙන වාහන බලපත්‍ අහෝසි කිරීමට රජය කිසිඳු ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නැති බව  ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අද(23) පාර්ලිමේන්තුවේදී  පැවසීය. පාර්ලිමේන්තුවේදී  මන්ත්‍රීවරයෙකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. 

වාහන බලපත් අහෝසි කිරීමේ කිසිදු තීරණයක් ගෙන නැහැ -  ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කරනවා

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද(23) පාර්ලිමේන්තුවේදි සඳහන් කළාය.  පාර්ලිමේන්තු මන්ත්‍රි නිතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරිය මේ බව සඳහන් කළාය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය පැවසුවේ,

ශිෂ්‍යත්ව විභාගයත් සමග ඇති වූ ගැටලුව නිසා උසාවිය  ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අත්හිටුවීමේ තීන්දුවක් ලබා දුන්නා. එම ගැටලුව මීට සති දෙකකට පෙර විසඳුවා. එම නඩුව අවසන් කර ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු මේ වන විට සිදු කරනවා.   මෙපමණ කාලයක් ප්‍රතිඵල නිකුත් කිරීමට නොහැකි වීම අවාසනාවක්. ඉතාමත් ඉක්මනින් එම කටයුතු අවසන් කරනවා.

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කරනවා

ප්‍රාථමික සෞඛ්‍ය සංවර්ධනය සඳහා නියමු ව්‍යාපෘතියක්

ප්‍රාථමික සෞඛ්‍ය සංවර්ධනය සඳහා වූ නියමු ව්‍යාපෘතිය දිස්ත්‍රික්ක දෙකක් පදනම් කර ගනිමින් මෙම වසරේ ක්‍රියාවට නංවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද(23) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ප්‍රාථමික සෞඛ්‍ය සංවර්ධනය සඳහා  නියමු ව්‍යාපෘතියක්

පාවහන් මිලදි ගැනීමට වවුචර්පත් ලැබෙන සිසුන්

ළමයින් 250ට අඩු පාසල්වල සියලුම දරුවන්ට පාවහන් මිලදි ගැනිම සඳහා වවුචර්පත් ලබා දෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද(23) පාර්ලිමේන්තුවේදී සඳහන් කළාය. 

පාවහන් මිලදි ගැනීමට වවුචර්පත් ලැබෙන සිසුන්

මෙරට ආයෝජනය සඳහා වැඩි ආයෝජකයන් පිරිසක් ඉදිරිපත් වෙයි

මෙරට ආයෝජනය සිදු කිරීම සඳහා බොහෝ ආයෝජකයන් සංඛ්‍යාවක් ව්‍යාපෘති ඉදිරිපත් කර ඇති බව කම්කරු ඇමැති හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අද (23) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙරට ආයෝජනය සඳහා වැඩි ආයෝජකයන් පිරිසක් ඉදිරිපත් වෙයි

විදුලි බිල අඩු කිරීම පසුගිය 17දා සිට ක්‍රියාත්මකයි -බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි

විදුලි බිල අඩු කිරීම පසුගිය 17දා මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක බවත් එහි ප්‍රතිඵලය ඉදිරි බිල් පතෙන් දැකිය හැකි බවත් බලශක්ති අමාත්‍ය  කුමාර ජයකොඩි මහතා අද(22) පාර්ලිමේන්තුවේදී පැවසීය.

විදුලි බිල අඩු කිරීම පසුගිය 17දා සිට ක්‍රියාත්මකයි -බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි

ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙළ ඔස්සේ ඵලදායිතාව ඉහළ යන ආයතන

ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙළ ඔස්සේ රාජ්‍ය ආයතන , කර්මාන්ත සහ පාසල් දරුවන්ගේ ඵලදායිතාව ඉහළ නැංවීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා අද(22) පාර්ලිමේන්තුවේදී පැවසීය. ක්ලීන් ශ්‍රීලංකා වැඩසටහන පිළිබඳ විවාදයේ දෙවන දිනය වන අද දින විවාදයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙළ ඔස්සේ ඵලදායිතාව ඉහළ යන ආයතන

උරුමය නිදහස් දීමනා පත්‍රය ලබා දීමේ ගැටලුවක්

උරුමය නිදහස් දීමනා පත්‍රය ලබා දීමේ ගැටලුවක්  ඇතැයි කෘෂිකර්ම, පශු සම්පත් , ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පැවසීය. අද(22) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

උරුමය නිදහස් දීමනා පත්‍රය ලබා දීමේ ගැටලුවක්

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් විවිධ පුද්ගලයන් අත්පත් කරගැනීම සම්බන්ධයෙන් විමර්ශන

රජයේ ඉඩම් අනවසරයෙන්  අල්ලා ගන්නා පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව කෘෂිකර්ම, පශු සම්පත් , ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පැවසීය. ඉදිරියේදී ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් ලබා දීමේදී, විධිමත් වැඩපිළිවෙලක් සකස්කරන බවද  නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් විවිධ පුද්ගලයන් අත්පත් කරගැනීම සම්බන්ධයෙන් විමර්ශන

වැඩ අවසන් නොකළ නිවාස ව්‍යාපෘතිවල වැඩ අවසන් කිරීම සඳහා නව වැඩපිළිවෙළක්

විවිධ නම්වලින් ආරම්භ කර වැඩ අවසන් නොකළ නිවාස ව්‍යාපෘති වල ඉදිකිරීම් අදියරෙන් අදියර  නිම කිරීමට වැඩපිළිවෙළක් සකස් කරමින් සිටින බව, නාගරික සංවර්ධන ඉදිකිරීම සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අද(22) පාර්ලිමේන්තුවේදී පැවසීය .

වැඩ අවසන් නොකළ නිවාස ව්‍යාපෘතිවල වැඩ අවසන් කිරීම සඳහා නව වැඩපිළිවෙළක්
Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.