පාවහන් මිලදි ගැනීමට වවුචර්පත් ලැබෙන සිසුන්

පාවහන් මිලදි ගැනීමට වවුචර්පත් ලැබෙන සිසුන්
  • SocialShare:

ළමයින් 250ට අඩු පාසල්වල සියලුම දරුවන්ට පාවහන් මිලදි ගැනිම සඳහා වවුචර්පත් ලබා දෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද(23) පාර්ලිමේන්තුවේදී සඳහන් කළාය. 

රජයේ පාසල්වල  සහ වතු පාසල්වල දරුවන්ට පාවහන් ලබාදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවින්ද්‍ර බණ්ඩාර මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

ඒ අනුව පාසල් සිසුන් ලක්ෂ හතකට පමණ මෙම වසරේදී පාවහන් ලබාදීමට බලාපොරොත්තු වන බවද අග්‍රමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.