කිරිඇල්ල මධ්‍ය මහා විද්‍යාලයේ පානීය ජල ව්‍යාපෘතිය ඇරඹෙයි

 කිරිඇල්ල මධ්‍ය මහා විද්‍යාලයේ පානීය ජල ව්‍යාපෘතිය ඇරඹෙයි
  • SocialShare:

ශ්‍රී ලංකාවේ බහුමාන දරිද්‍රතාව තුරන් කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක "ගම් දහසක වැඩ දහසක්" ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල මධ්‍ය මහා විද්‍යාලයේ පානීය ජල ව්‍යාපෘතිය වැඩිදියුණු කිරීමේ උත්සවය ඊයේ (02) උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මෙමඟින් විද්‍යාලයේ දරු දැරියන්ගේ දීර්ඝකාලීන පානීය ජල ගැටලුවට තිරසාර විසඳුමක් ලබා ගැනීම අපේක්ෂා කෙරේ.

 මෙම අවස්ථාවට  කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කුමාරි ගමඇතිගේ මහත්මිය, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු, කිරිඇල්ල මධ්‍ය විද්‍යාලයේ විදුහල්පතිතුමා, කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීහු මෙන්ම ප්‍රදේශවාසීහු විශාල පිරිසක් සහභාගි වූහ.