සෞඛ්‍ය සේවාව තවත් ශක්තිමත් කිරීමට සෞඛ්‍ය කාර්ය සහායක, රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර, ක්ෂේත්‍ර මදුරු මර්දන සහායක සහ සුළුසේවා පාලක (Overseers) යන ක්ෂේත්‍රවල සෞඛ්‍ය වෘත්තිකයින් 2,652 දෙනෙකුට ඉදිරි මාසය තුළ පත්වීම් ප්‍රදානය කිරීමට සැලසුම් කර ඇතැයි සෞඛ්‍ය හා ජනමාධය අමාත්‍යංශය නිවේදනය කරයි.
මෙම වැඩපිළිවෙල සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක වන මානව සම්පත් සංවර්ධන වැඩසටහනක කොටසක් ලෙස ක්‍රියාත්මක වේ. දීර්ඝ කාලයක් පුරා පැවති සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පුරප්පාඩු පිරවීම සහ රෝහල් සේවාවන්ගේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම මෙහි ප්‍රධාන අරමුණ වේ.
පළමු අදියර ලෙස බස්නාහිර පළාතේ සෞඛ්‍ය කාර්ය සහායක 627 දෙනෙකුට ජූලි 4 වනදා මරදාන ටවර් රඟහලේදී පත්වීම් ප්‍රදානය කිරීමට නියමිතය. ඉන්පසු ජූලි 16, ජූලි 18 සහ අගෝස්තු 1 දිනවලදී අනෙකුත් කාණ්ඩ සඳහා පත්වීම් ප්‍රදානය කෙරේ.
අමාත්‍යාංශය පවසන්නේ මෙම පත්වීම් ක්‍රියාවලිය ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ හා කුසලතා පදනම් කරගෙන විනිවිදභාවයෙන් යුතුව සිදු කරන බවයි.


