‘Rebuilding Sri Lanka’ අරමුදලට මූල්‍යමය පරිත්‍යාගයක්

‘Rebuilding Sri Lanka’ අරමුදලට  මූල්‍යමය පරිත්‍යාගයක්
  • SocialShare:

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට විදෙස්ගත ශ්‍රී ලාංකිකයකු වන Lawrence Errol Coomarawel Marti මහතා විසින් සිය පෞද්ගලික ධනයෙන් රුපියල් මිලියන 10ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කරනු ලැබීය.

ඊට අදාළ චෙක්පත ඒ මහතා විසින් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී පසුගියදා (29) භාර දෙන ලදී.