හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා අල්ලස් කොමිසම විසින් අද (03) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන්
අල්ලස් කොමිසම පවසන්නේ 2006 වසරේ නාවික හමුදාවේ විධායක අංශය සඳහා ශිෂ්‍ය භට නිලධාරීන් බඳවා ගැනීමේදී නියමිත සුදුසුකම් සපුරා නොතිබූ යෝෂිත රාජපක්ෂ මහතා එම අංශයට බඳවා ගැනීම සහ එම ක්‍රියාවලියට සම්බන්ධව රාජ්‍ය මුදල් වැය කරමින් විදෙස් පුහුණු අවස්ථාවක් ලබාදීම සම්බන්ධයෙන් දූෂණ චෝදනා එල්ල වී ඇති බවයි.
අදාළ විමර්ශන සම්බන්ධයෙන් සැකකරු අල්ලස් කොමිසමේ පරිශ්‍රයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද කොමිසම සඳහන් කරයි.


