රී ලංකාව හා පාකිස්තානය අතර ගුවන් සේවා සහ වරාය ක්ෂේත්‍රවල සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (02) වරාය, සිවිල් ගුවන් සේවා හා බලශක්ති අමාත්‍ය අනුර කුමාරතිලක මහතා සහ පාකිස්තාන ආරක්ෂක ලේකම් ලුතිනන් ජනරාල් (විශ්‍රාමික) මුහම්මද් අලි මහතා ප්‍රමුඛ නියෝජිත පිරිස අතර පැවැත්විණි.
මෙහිදී දෙරට අතර ගුවන් සම්බන්ධතා වැඩිදියුණු කිරීම, ගුවන් ගමන් වාර සංඛ්‍යාව ඉහළ නැංවීම සහ ගුවන් සේවා ක්ෂේත්‍රයේ අනාගත සංවර්ධන අවස්ථා පිළිබඳ අවධානය යොමු කෙරිණි. වරාය හා සමුද්‍රීය ක්ෂේත්‍රවල දැනුම සහ අත්දැකීම් හුවමාරු කිරීම හා මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම පිළිබඳව ද සාකච්ඡා විය.
පාකිස්තාන නියෝජිත පිරිස ශ්‍රී ලංකාව ආර්ථික අභියෝගවලින් පසු ලබා ඇති සංවර්ධන ප්‍රගතිය ද ඇගයීමට ලක් කළ අතර, කලාපීය ප්‍රවාහන හා ලොජිස්ටික් මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ශක්තිමත් කිරීම සඳහා ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන් පිළිබඳව ද කරුණු හුවමාරු විය.


