ශ්‍රී ලංකාවේ බහුමාන දරිද්‍රතාව තුරන් කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක "ගම් දහසක වැඩ දහසක්" ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ - බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය ඊයේ (02) පැවැත්වුණි.
මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මෙමඟින් ප්‍රදේශවාසී ජනතාවගේ දීර්ඝකාලීන ගමනාගමන ගැටලුවට තිරසාර විසඳුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම අවස්ථාවට කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කුමාරි ගමඇතිගේ මහත්මිය, කුරුවිට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු, කිරිඇල්ල සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීහු මෙන්ම ප්‍රදේශවාසීහු විශාල පිරිසක් සහභාගි වූහ.


