ඉන්දියානු සාගර වරාය හා සැපයුම් දාම සමුළුවට නියෝජ්‍ය ඇමති ජනිත කොඩිතුවක්කු සහභාගී වෙයි

ඉන්දියානු සාගර වරාය හා සැපයුම් දාම සමුළුවට නියෝජ්‍ය ඇමති ජනිත කොඩිතුවක්කු සහභාගී වෙයි
  • SocialShare:

ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ඩී.සී. නගරයේදී පැවැත්වෙන U.S. Forum on Indian Ocean Ports and Supply Chains ජාත්‍යන්තර සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා සහභාගී විය.

මෙම සමුළුවේ ඊයේ (02) පැවති සැසිය අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ඉන්දියානු සාගර කලාපයේ වරාය සංවර්ධනය, වරාය සහ නාවික ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා, සැපයුම් දාම සුරක්ෂිතභාවය සහ කලාපීය සහයෝගීතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දැක්ම ඉදිරිපත් කළේය.
එහිදී ශ්‍රී ලංකාවේ උපායමාර්ගික භූගෝලීය පිහිටීම, ඉන්දියානු සාගර කලාපයේ වෙළෙඳ හා සමුද්‍රීය කටයුතු සඳහා රට සතු වැදගත්කම සහ කලාපීය සම්බන්ධතා ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව ඉටුකරන කාර්යභාරය පිළිබඳව ද එහිදී අවධානය යොමු කර තිබේ.
වරාය කළමනාකරණය හා සැපයුම් දාම ආරක්ෂාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර සංවාද සඳහා වේදිකාවක් සපයන මෙම සමුළුව, කලාපීය හා ගෝලීය සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම සඳහා වැදගත් අවස්ථාවක් ලෙස සැලකේ.