ප්‍රාථමික සෞඛ්‍ය සංවර්ධනය සඳහා නියමු ව්‍යාපෘතියක්

ප්‍රාථමික සෞඛ්‍ය සංවර්ධනය සඳහා  නියමු ව්‍යාපෘතියක්
  • SocialShare:

ප්‍රාථමික සෞඛ්‍ය සංවර්ධනය සඳහා වූ නියමු ව්‍යාපෘතිය දිස්ත්‍රික්ක දෙකක් පදනම් කර ගනිමින් මෙම වසරේ ක්‍රියාවට නංවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද(23) පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. 

රෝහල් පද්ධතිය තුළ බාහිරි රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගින් සංඛ්‍යාව ඉහළ යම බරපතල ගැටලුවක් බවත්, යම් පුද්ගලයෙක් පදිංචි ප්‍රදේශයේ සිට කිලෝමීටර් දෙක හමාරක් තුළ  එම ජනතාවගේ රෝග පරීක්ෂාවට ප්‍රාථමික සෞඛ්‍ය ඒකක ස්ථාපිත කිරීමෙන් මෙම ගැටලුව විසඳුම් ලබාදිය හැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 

ඒ සඳහා අවශ්‍ය වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය පුහුණු කිරීම අභියෝගයක් වුවත්, එය ක්‍රියාවට නංවන බව අමාත්‍යවරයා සඳහන් කළේය. ප්‍රාථමික සෞඛ්‍ය සේවා විධිමත් කිරීමේදී ප්‍රජා වෛද්‍ය විශේෂඥ සහ පවුල් වෛද්‍ය විශේෂඥවරුන් බිහි කර ගැනීම වැදගත්  බව පෙන්වා දුන් අමාත්‍යවරයා නමුත් එය විශාල අභියෝගයක් බවද සඳහන් කළේය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.