IMF 6 සහ 7 වැනි වාරික ලෙස ලැබුණු ඩොලර් මිලියන 695ක් මහා භාණ්ඩාගාරයට- මුදල් නියෝජ්‍ය ඇමැති

IMF 6 සහ 7 වැනි වාරික ලෙස ලැබුණු ඩොලර් මිලියන 695ක් මහා භාණ්ඩාගාරයට- මුදල් නියෝජ්‍ය ඇමැති
  • SocialShare:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මගින් ක්‍රියාත්මක කරන විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ 5 වැනි සහ 6 වැනි සමාලෝචන සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව, එහි 6 වැනි සහ 7 වැනි වාරික ශ්‍රී ලංකාවට ලැබී ඇති බව මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ අනුව, අදාළ වාරික දෙකට යටත්ව අමෙරිකානු ඩොලර් මිලියන 695ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලැබී ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම මුදල් ප්‍රතිපාදනය මෙරට විදේශ සංචිත ශක්තිමත් කිරීමට දායක වන අතර, රුපියලේ තාවකාලික අවප්‍රමාණය වීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව විසින් එල්ල කරන ලද චෝදනාවලටද පිළිතුරක් බව ඔහු පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ප්‍රතිපත්තිමය එකඟතා නිසි පරිදි ක්‍රියාත්මක කිරීම මෙම ප්‍රගතියට හේතු වූ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

දිට්වා ව්‍යසනය සහ මැද පෙරදිග යුධමය තත්ත්වය වැනි ආර්ථික කම්පනවලට ඔරොත්තු දිය හැකි මට්ටමකට ශ්‍රී ලංකා ආර්ථිකය ළඟා වී ඇත්තේ නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් බවද ඔහු අවධාරණය කළේය.

එමෙන්ම එවැනි අර්බුද හමුවේ අවදානමට ලක්වන ජනතාවට සහන සැලසීම සඳහා රජය ලෙස මැදිහත් වීමට හැකි වූ බවත්, දිත්වා ව්‍යසනය වෙනුවෙන් රුපියල් බිලියන 500ක් සහ මැද පෙරදිග යුධ තත්ත්වයේ බලපෑම් අවම කිරීම සඳහා රුපියල් බිලියන 100ක් වෙන් කර ඇති බවත් හෙතෙම සඳහන් කළේය