මෙරට ආයෝජනය සඳහා වැඩි ආයෝජකයන් පිරිසක් ඉදිරිපත් වෙයි

මෙරට ආයෝජනය සඳහා වැඩි ආයෝජකයන් පිරිසක් ඉදිරිපත් වෙයි
  • SocialShare:

මෙරට ආයෝජනය සිදු කිරීම සඳහා බොහෝ ආයෝජකයන් සංඛ්‍යාවක් ව්‍යාපෘති ඉදිරිපත් කර ඇති බව කම්කරු ඇමැති හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අද (23) පාර්ලිමේන්තුවේදී පැවසීය.

එම ව්‍යාපෘති සම්බන්ධයෙන් මේ වන විට අධ්‍යයනය කරමින් සිටින බව ද නියෝජ්‍ය ඇමැතිවරයා පැවසුවේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ජයමහ මහතා  විසින් යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

රටේ ආර්ථිකය දියුණු කිරීමට නිෂ්පාදන වැඩි කළ යුතු බවත් මේ වර්ෂයේ ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් බිලියන 1315 ක් අයවැයෙන් වෙන් කර ඇති බවත් නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

බිංගිරිය අපනයන සැකසුම් කලාපයේ වැඩ කටයුතු වේගවත් කිරීමට පියවර ගන්නා බවත් කලාප හඳුනා ගැනීමේ කාර්ය ක්‍රියාත්මක වෙමින් පවතින බවත් නියෝජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.