විදුලි බිල අඩු කිරීම පසුගිය 17දා සිට ක්‍රියාත්මකයි -බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි

විදුලි බිල අඩු කිරීම පසුගිය 17දා සිට ක්‍රියාත්මකයි -බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි
  • SocialShare:

විදුලි බිල අඩු කිරීම පසුගිය 17දා මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක බවත් එහි ප්‍රතිඵලය ඉදිරි බිල් පතෙන් දැකිය හැකි බවත් බලශක්ති අමාත්‍ය  කුමාර ජයකොඩි මහතා අද(22) පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්රාන් මහරූෆ් මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන්  මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්  ඇමතිවරයා මේ බව පැවසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කුමාර ජයකොඩි මහතා

 

විදුලි බිල ජනවාරි 17වානිදා රාත්‍රී 12සිට අඩු කොට තිබෙනවා. ඊළඟ විදුලි බිල් පත සමග එහි ප්‍රතිඵලය  හාමෝටම ලැබෙයි. එහිදී ඒකක බිංදුවයි තිහ දක්වා රුපියල් 04ක් ලෙසත් තිස් එක සිට හැට දක්වා රුපියල් 06ක් ලෙසත් , හැට එකේ සිට අනූව දක්වා රුපියල් 14ක් වශයෙන්, අනූ එකේ සිට එකසිය විස්ස දක්වා රුපියල් 20 දක්වා අඩු වෙනවා. එකසිය විසි එකේ එකේ සිට එකසිය අසූව දක්වා රුපියල් 33දක්වා අඩු වෙනවා. ඒකක 180ට වැඩි ඒකක සඳහා රුපියල් 52ට අඩු වෙනවා.ඒ අනුව සාමාන්‍යයෙන් විදුලි බිල අඩුවීම සියයට 21ක් වුනාට මෙම අඩුවීම හෝටල් සහ කර්මාන්ත සියයට 30ත් 31කින් අඩු වීමක් වෙනවා. මෙය පසුගිය 17දා රාත්‍රී සිට ක්‍රියාත්මක වෙනවා.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.