ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙළ ඔස්සේ ඵලදායිතාව ඉහළ යන ආයතන

ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙළ ඔස්සේ ඵලදායිතාව ඉහළ යන ආයතන
  • SocialShare:

ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙළ ඔස්සේ රාජ්‍ය ආයතන , කර්මාන්ත සහ පාසල් දරුවන්ගේ ඵලදායිතාව ඉහළ නැංවීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා අද(22) පාර්ලිමේන්තුවේදී පැවසීය. ක්ලීන් ශ්‍රීලංකා වැඩසටහන පිළිබඳ විවාදයේ දෙවන දිනය වන අද දින විවාදයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

විශේෂයෙන්ම කර්මාන්ත , රාජ්‍ය අංශය සහ පාසල්වල ඵලදායිතා ව වැඩි කිරීමටත්,   ඒ සඳහා මුළු රටම යොමු කිරීමට  අමාත්‍යංශය කටයුතු කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය.

“අපේ කර්මාන්තකරුවෝ, රාජ්‍ය ආයතන සහ පාසල් දරුවන්ගේ ඵලදායිතාව ඉහළට ගත්තොත් තමයි අපට ගමනක් තිබෙන්නේ. එම නිසා  ලංකාවේ නැවතත් ඵලදායිතා සම්මානය දියත් කරන්න අපි සූදානම් වෙලා ඉන්නවා කාර්මික ජනපද පිහිටි ප්‍රදේශවලින් වැඩි ඵලදායිතාවක් ලබා ගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ මෙම වසරේ දියත් කරනවා. වාලච්චේන පිහිටි කඩදාසි කම්හලේ ප්‍රධාන අර්බුදය වන්නේ භාවිතා කළ කඩදාසි නොමැති වීම. ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියට අවශ්‍ය කඩදාසි අද මාෆියාවක් වෙලා. රාජ්‍ය ආයතන, පාසල් සහ ගෙවල්වල ඉවත දමන කඩදාසි මෙම කර්මාන්ත ශාලාවට ලබා දුන්නොත්  එමගින් පුළුවන් අවශ්‍ය කරන නිෂ්ාපාදනය උපරිම තලයකට  ගෙනඒමට හැකියාව ලැබෙනවා.  මෙමක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවළෙට සමගාමීව පාසල් පද්ධතිය ආශ්‍රිතව කොල එකතු කිරීම සඳහා එකතු කිරීමේ මධ්‍යස්ථාන සකස් කර කඩදාසි එකතු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවාරට බංකලොත්  වන තරමට වංචා සහ දූෂණ සිදු කරමින් තමන්ගේ දේශපාලන බලය අවභාවිතා කළ දේශපාලනය සහමුලින්ම මේ රටින් තුරන් කරමින් පාර්ලිමේන්තුව සහ මෙරට දේශපාලන සංස්කෘතිය ක්ලීන් කරමින්  මේ රටේ ජනතාව නව දේශපාලන සංස්කෘතියකට ඉඩ පෑදුණා”

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.