උරුමය නිදහස් දීමනා පත්‍රය ලබා දීමේ ගැටලුවක්

උරුමය නිදහස් දීමනා පත්‍රය ලබා දීමේ ගැටලුවක්
  • SocialShare:

උරුමය නිදහස් දීමනා පත්‍රය ලබා දීමේ ගැටලුවක්  ඇතැයි කෘෂිකර්ම, පශු සම්පත් , ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පැවසීය. අද(22) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

 

ඉඩම් කොමසාරිස්වරු, ඉඩම් පිළිබඳ ප්‍රවීණත්වයක් ඇති ප්‍රා ප්‍රාෙද්ශීය ලේකම්වරු සහ ඉඩම් නිලධාරින් රැසක් සමග තමා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් ඒ සෑම නිලධාරියෙක්ම මෙම නිදහස් දීමනා පත්‍රය ලබාදීමේ ගැටලුවක්  ඇති බව පෙන්වා දුන් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා  පැවසුවේ,

මෙම නිදහස් දීමනා පත්‍රයේ කිසිදු කොන්දේසියක් නැහැ. කිසිම කොන්දේසියක් නැතිව ඉඩම් අවභාවිතා කරන්න, විකුණන්න සහ අන්සතු කරන්නපුළුවන්. මේ වන විට උරුමය ඔප්පු 27,000ක් එළියට ගිහින් තිබෙනවා. අයදුම්පත් විශාල සංඛ්‍යාවක් අරගෙන තිබෙනවා. මෙය විසඳීම විශාල ගැටලුවක් වී තිබෙනවා.ඉඩම් විෂය සම්බන්ධ ප්‍රවීණයන්ගෙන් මේ සම්බන්ධයෙන් අදහස් ලබා ගන්නවා.

 නොදුරේදීම මෙම ඔප්පු ලබා දීමට  අවශ්‍ය පියවර ගන්නවා.නිදහස් දීමනා පත්‍රය ලබා දිම අනතුරු බවත් විකල්ප ක්‍රමවේදයකට යන්න පුළුවන් නම් හොඳයි කියලා මේ සම්බන්ධයෙන් ප්‍රවීණත්වය තිබෙන නිලධාරින් පෙන්වා දුන්නා.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.