රජයේ ඉඩම් අනවසරයෙන් අල්ලා ගන්නා පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව කෘෂිකර්ම, පශු සම්පත් , ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පැවසීය. ඉදිරියේදී ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් ලබා දීමේදී, විධිමත් වැඩපිළිවෙලක් සකස්කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
ඉඩම් කොමිෂන් සභාව සතු ඉඩම් විවිධ පුද්ගලයන් සහ ආයතන විසින් වංචනිකව අත්පත්කර ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් සම්බන්ධයෙන් විධිමත් තොරතුරු නොමැති බවත්, ඉදිරියේදි මෙම ආයතනය විධිමත් කිරීමට කටයුතු කරන බවද කීය. 2015 සිට මේ දක්වා ඉඩම් කොමිෂන් සභාව සතු ඉඩම් කුමන් පදනමක් යටතේ කිනම් පුද්ගලයන්ට ලබා දුන්නේද යන්න පිළිබඳව සෙවීමට කමිටුවක් පත් කර ඇති බවත්, ඉඩම් ලබා දීම මාස තුනක කාලයක් සඳහා තාවකාලිකව නතර කර ඇති බව සද්. මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවද කීය. මෙම විමර්ශන කටයුතු සිදුවන්නේ විශාල ව්‍යාපෘති සඳහා ලබා දුන් ඉඩම් පමණක් බවත් ඉඩම් කොමිෂන් සභාව සාමාන්‍ය ජනතාවට ඉඩම් ලබා දුන් ව්‍යාපෘතිය කඩිනමින් නැවත ක්‍රියාත්මක කරන බවද කීය.