වැඩ අවසන් නොකළ නිවාස ව්‍යාපෘතිවල වැඩ අවසන් කිරීම සඳහා නව වැඩපිළිවෙළක්

වැඩ අවසන් නොකළ නිවාස ව්‍යාපෘතිවල වැඩ අවසන් කිරීම සඳහා නව වැඩපිළිවෙළක්
  • SocialShare:

විවිධ නම්වලින් ආරම්භ කර වැඩ අවසන් නොකළ නිවාස ව්‍යාපෘති වල ඉදිකිරීම් අදියරෙන් අදියර  නිම කිරීමට වැඩපිළිවෙළක් සකස් කරමින් සිටින බව, නාගරික සංවර්ධන ඉදිකිරීම සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අද(22) පාර්ලිමේන්තුවේදී පැවසීය .

පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. .

පසුගිය සමයේ විවිධ නම් වලින් ආරම්භ කර වැඩ අවසන් නොකළ නිවාස 48,000කට ආසන්න ප්‍රමාණයක් ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය. මේ සම්බන්ධයෙන්  නිවාස සංවර්ධන අධිකාරිය සමග  සාකච්ඡා සිදුකරන බවද කීය. නැවත ණය ව්‍යාපෘතින් ආරම්භ කර නිවාස නිම කර ගැනීම සඳහා ණය ලබාදීම සම්බන්ධයෙන් රාජ්‍ය බැංකු සමග සාකච්ඡා කරමින් සිටින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත්  පැවසීය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.