වන අලි සංරක්ෂණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් සැලසුම් කරමින් තිබෙන බව පරිසර අමාත්‍ය ආචාර්ය ධම්මික පටබැඳි මහතා අද(22) පාර්ලිමේන්තුවේදී පැවසීය.
අලි ගහනය විනාශ වීම සම්බන්ධයෙන් සමඟි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
වන අලි සහ මිනිස් ප්‍රජාව අතර සමතුලිතතාව බිඳී යාම සම්බන්ධයෙන් මැදිහත් වීමට පියවර ගන්නා බවත් ඒ සඳහා කෙටි කාලීන සහ දීර්ඝ කාලීන විද්‍යාත්මක විසඳුම් සෙවීම සිදු කරන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.