ජාතික ජන බලවේග රජය සෑම විටම කටයුතු කරන්නේ සමස්ථය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අද(23) පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීනි ලක්මාලි හේමචන්ද්‍ර මතු කරන ලද ප්‍රශ්නයක් සඳහා පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසිය.
වැඩදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය.
වාහන ආනයනය කිරීමට කලින් මිල වැඩිවීම වුනෙත් උද්ධමනයට සාපේක්ෂව මිල ගණන් ගැලපීමක් සිදුකළ යුතුයි. මිල ගණන් වැඩිවීම සිදුව ඇත්තේ උද්ධමන අනුපාතය අනුවයි. තෝරාගත්ත කණ්ඩායමක් ආරක්ෂා කිරීමටවත් , තෝරාගත්ත කණ්ඩායමකට අසාධාරණයක් සිදුකිරීමටවත් ජාතික ජනබලවේගය කටයුතු කරන්නේ නැහැ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විවිධ එකඟතාවන් අනුව අපට කටයුතු කිරීමට සිදු වෙනවා. ඒ වගේම පැවැති තත්ත්වය අනුව වසර ගණනාවක් වාහන ආනයනය නතර කර තිබුණා. වාහන ආනයනය කිරීමට යම් ඉඩක් ලබාදිය යුතුයි කියන මතයේ අපි ඉන්නවා
ඒ වගේම ආර්ථිකය ප්‍රසාරණය වීමේදී නිෂ්පාදනය වැඩි වෙනකොට වාහන අවශ්‍ය වෙනවා. ඒ නිසා පියවර කිහිපයක් යටතේ, අදියර කිහිපයක් යටතේ කටයුතු කිරීමට අපට සිදු වෙනවා.
එහිදි ආර්ථිකයට සම්බන්ධ වන කොටසට තමයි මුලික අවස්ථාව ලබාදුන්නෙ. ඒ වගේම භාණ්ඩ ප්‍රවාහනය සඳහා දෙවනුවත් තෙවනුව පුද්ගලික වාහන සඳහාත් අවස්ථාව ලබාදීමට තීරණය කර තිබෙනවා.